සැප්තැම්බරයේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන

සෑම මසකම බ්‍රැන්ඩික්ස් කර්මාන්‍තායතන රැසක් එකතු වී සිදු කරනු ලබන බ්‍රැන්ඩික්ස් රුහිරු දානමය පිංකම ගෙවුණු සැප්තැම්බර් මාසයේදීත් ඉතා සාර්ථකව පැවැත්වුණා. මේ සඳහා වතුපිටිවල, අවිස්සාවේල්ල, මිනුවන්ගොඩ, රිදීගම, පොළොන්නරුව, රිදීගම ෆිනිෂින් යන බ්‍රැන්ඩික්ස් ආයතන සියල්ලම දායකත්වය ලබා දුන්නා.

පසුගිය සැප්තැම්බර් මස 15 හා 22 යන දෙදින තුළ දී බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතන වලත්, 08 සහ 13 යන දිනයන් තුළ දී බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතන වලත්, 12 වන දින බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ශාඛාවේදීත්, 13 වන දින බ්‍රැන්ඩික්ස් ශාඛාවේදීත්, 21 වන දින බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව හා බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් ආයතන වලදීත් මෙම ලේ දන් දීමේ වැඩසටහන් පැවැත්වුණා.

බ්‍රැන්ඩික්ස් සමූහය වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර දායකයා ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඟින් ඇගයීමට ලක් වෙමින් තිබෙනවා.

මේ බව නැවත නැවතත් සනාථ කරමින් සැප්තැම්බර් මස බ්‍රැන්ඩික්ස් රුහිරු දාන වැඩසටහන හරහා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට දායක කෙරුණු රුධිර පරිමාව පයින්ට් 1059 ක්.

2022 වර්ෂයේ දී පමණක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ලබාදුන් රුධිර පරිමාව පයින්ට් 5700කට අධිකයි. 2011 වසරේ සිට බ්‍රැන්ඩික්ස් සමූහය විසින් රුධිර පයින්ට් 42,000කට අධික ප්‍රමාණයක් එම මධ්‍යස්ථානයට පරිත්‍යාග කොට තිබෙනවා. එසේම රුධිරය පරිත්‍යාග කරනු ලබන, ශ්‍රී ලාංකිකයන් සිය දෙනෙකුගෙන් එක් අයෙක්, බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයෙක් වීමත් ඉතා සුවිශේෂී‍යි.

මෙම රුහිරු දාන වැඩසටහන මේ තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ අතිශයින්ම සාර්ථක ලෙස පැවැත්වීම පිටුපස ඇති රහස අපේ බ්‍රැන්ඩික්ස් සාමාජිකයන් මේ සඳහා දක්වන ඉහළ උනන්දුව හා ඔවුන්ගේ වටිනා දායකත්වය බව අනිවාර්‍යෙන්ම සිහිපත් කළ යුතු කරුණක්.