සුවැති සිරුරක් වෙනුවෙන් මනස සුවපත් කරමු!

අපගේ මානසික සෞඛ්‍යය ඉතාමත් වැදගත් වන්නේ එය, අපගේ එදිනෙදා ජීවිතයට, පුද්ගල සම්බන්ධතා වලට, අප නිරත වන කාර්‍යයන් වලට, අපගේ ඵලදායිතාවට ආදියට බලපෑම් කරන බැවින්.  අප අපගේ මානසික සෞඛ්‍යය ගැන අප සැලකිලිමත් විය යුතු වන්නේත් ඒ නිසා. මේ පිළිබඳව දැනුවත් කරමින් ලෝක මානසික සෞඛ්‍ය දිනය සැම‍රීම සිදු කෙරෙනවා. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මේ වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය තෝරාගෙන ඇති තේමාව වන්නේ ‘මානසික සෞඛ්‍යය අපේ විශ්වීය අයිතියක්’ යන්නයි. ඉන් අදහස් වන්නේ සහය අවැසි පුද්ගලයින්ට මානසික සෞඛ්‍ය සත්කාර සහ සහයෝගය ලබාදිය යුතු බවත්, එය ඔවුන්ගේ අයිතිය බැවින් ප්‍රජාව තුළ ඔවුන්ව පිළිගත යුතු බවත්.

මිනිසෙකුගේ විශ්වීය අයිතියක් වන මානසික සෞඛ්‍යය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අපි බොහෝ දේ සිදු කරනවා. වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ කණ්ඩායමක්, කළමණාකාරීත්වය හා සියලු දෙනාගේ සහයෝගයෙන් උපදේශනය, දැනුවත් කිරීමේ වැඩසටහන්, ව්‍යාපෘති, ගුවන් විදුලි සාකච්ඡා ආදිය බ්‍රැන්ඩික්ස් සමාගම තුළ දී දියත් කරනු ලබනවා. මානසික සෞඛ්‍යය අභියෝගයට ලක්වීම සාමාන්‍ය බව ප්‍රවර්ධනය කිරීම සඳහා මේ සියලුම දේවල් ආරම්භයක් වනු ඇති.

අපි සියලු දෙනාම යහපත් මානසික සෞඛ්‍යයක් හා සුවපත් මනසක් උදෙසා කැපවෙමු!

Facebook
Facebook