සෙබළ පෙම

කඳවුරට වෙලා මාසෙම වැඩ කරනා
ගිනි අවියට මා හට මෙන් පෙම් කරනා
උදේ පටන් රෑ වෙනතුරු දුක් විඳිනා
හමුදා පෙම්වතෙක් ඇත මා හට පෙම් කරනා…

උදේ සවස වැඩ මුරයට මා යන්නේ
වෙහෙසී ගෙවෙන හැම මොහොතෙම සිහියට එන්නේ
ඇඟලුම් කම්හල ජීවිතයම වන්නේ
අසරණ නිසයි මේ හැටි දුක් වෙන්නේ…

නිවාඩු ආ විගස මා දැකගන්නට එන්නේ
දුරකථනයෙන්මයි අපි දෙන්නා සැනසෙන්නේ
දවස් දහය හරි වේගෙන් යන්නේ
වසන්තය නිමා කර යළි කඳවුර වෙත ඔහු යන්නෙ…

දින සති මාස ගෙවිලා වේගෙන් යන්නේ
ඔහුගේ වෙන දවස හෙමිහිට ළං වෙන්නේ
සතුට පිරී හිත සතුටින් ඉතිරෙන්නේ
මවු පිය සෙනෙහස ළඟදි මා අසරණ වෙන්නේ…

පෙර සසරේ පටන් ඇවිදින් මාව සොයා පෙර පිනකට ඔහු මට හමු වූවා
විඳි දුක් සියල්ලම සීතල දිය දෝතක් වේවා
තිස්තුන් කෝටියක් දෙවියො මගෙ රන්කඳ රැක දේවා…

සුලෝචනා සෙව්වන්දි
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook