1. බ්‍රැන්ඩික්ස් මනුසත් මෙහෙවර මෙවර අපේක්ෂා රෝහලේ දී

බ්‍රැන්ඩික්ස් ආයතනය මගින් සිදු කෙරෙන මනුසත් මෙහෙවර වැඩසටහන මෙවරත් ඉතා සාර්ථක ලෙසින් නිමාවට පත් වුණා. මෙවර මනුසත් මෙහෙවර වැඩසටහනෙන් මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණා. ඒ, වතුපිටිවල පිහිටි සියලුම බ්‍රැන්ඩික්ස් ආයතන වල කළමණාකාරීත්වය ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන්.

2. බ්‍රැන්ඩික්ස් ‘ශිල්ප’ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙයි.

ශිල්ප වැඩසටහන යටතේ බ්‍රැන්ඩික්ස් සාමාජිකයන්ට NVQ සුදුසුකම් තුළින් වෘත්තීය උපාධි වරම් ලබාදීමේ එක් පියවරක් වශයෙන් බ්‍රැන්ඩික්ස් මීරිගම සාමාජික සාමජිකාවන් 33 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය, පසුගිය සැප්තැම්බර් මස 18 වන දින දිවුලපිටිය Senuri Grand Castello හෝටල් ප්‍රරිශයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ශිල්ප තුළින් අභිසෙස් ලැබූ බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ සියලුම දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතරම වෘත්තීය ජීවන ගමනේ ඉදිරියට යන්නට ඔබට හැකිවේවායි අපගේ සුබාශිංසන ද එක් කරනවා.

3. සාහිත්‍ය මාසයේ ගී රස වින්දන වැඩසටහනින් බ්‍රැන්ඩික්ස් මීරිගම 02 ආයතනය සංගීතවත් වෙයි.

මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් මීරීගම 02 ආයතනයේ සාමාජික සමාජිකවන්ගේ රසවින්දන කෞෂල්‍යය වැඩි දියුණු කරනු වස් පැරණි ගීත හා නව ආරයේ ගීත රසවින්දන වැඩසටහනක් සංවිධානය කෙරුණා. සමූහ සන්නිවේදන අංශයේ රේණුකා බණ්ඩාරිගොඩ මහත්මිය මෙම රසවින්දන වැඩසටහන වඩාත් හරවත් ආකාරයට සාමාජික පිරිස අතරට ගෙනයමින් මෙහෙයවීම සඳහා කටයුතු කරනු ලැබුවා.

4. බ්‍රැන්ඩික්ස් ලේ දන් දීමේ වැඩසටහන මෙවරත් බ්‍රැන්ඩික්ස් ආයතන රැසක දී

බ්‍රැන්ඩික්ස් ලේ දන්දීමේ වැඩසටහන මෙවර බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ, රිදීගම, අවිස්සාවේල්ල, මිනුවන්ගොඩ, පොළොන්නරුව හා වතුපිටිවල යන බ්‍රැන්ඩික්ස් ශාඛා වලදී පැවැත්වුණා. පසුගිය සැප්තැම්බර් මාසයේ දී පැවැත් වූ මෙම වැඩසටහනේ දී සාමාජික සාමාජිකාවන් 1059 දෙනෙකු විසින් රුධිර පයින්ට් 1059 ක් පරිත්‍යාග කරනු ලැබුවා.

Facebook
Facebook