සසර බන්ධන

හැම දවසක්ම සුන්දරව ගත කරන්න මනෝලි හුරු වෙලා හිටියා.

දවසෙ වැඩ පටන් ගන්න කලින් ආගම  අදහන එක මනෝලිගෙ පුරුද්දක් වෙලා  තිබුණා. අම්මයි, තාත්තයි  දෙන්නම නැතුව ආච්චි ළඟ හැදුණු මනෝලි ගුණ දහමින් අඩු නැතුව හැදුණු යෞවනියක්. මනෝලි වෙනස් කෙනෙක්. ඒ වෙනසට හැමෝම  ආස කළා. දැනුමටම සරිලන රූ සපුවක් තිබුණ නිසාම ගොඩක් පිරිමි ලමයි මනෝලි ගැන බලාපොරොත්තු ඇති කර ගෙන මිත්‍ර වෙන්න උත්සාහ කළා. කාටවත්ම එයාගෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න පුළුවන් වුණේ නැහැ.

එක දවසක් විහඟ කළුතර යන්න ගියේ යාළුවෙක්ගෙ ගෙදර දානෙට යන්න ඕන නිසා. ගොඩක්   පිරිසක්  නොසිටි නිසා විහඟට ඉඳ ගන්න තැනකුත් ලැබුණා. විහගට ඉඳ ගන්න  ලැබුණෙ  මුහුද පේන  පැත්තෙන්. විහග හරිම ආසාවෙන් ගමන  ආරම්භ කළා. ෂීට් එකේ එහා පැත්තෙන්  හිටපු කෙනා කොල්ලුපිටියෙන් බැස්සා. හිස් වූ අසුන  විනාඩි ගාණකදි  ෆිල් උනා.  කවුළුවෙන් එන සුළඟට ෂැම්පු සුවඳ මුසුවූ  කෙහෙරැළි විහගගෙ මුහුණට දැවටෙන එක  කරදරයක්. ඒත් ඒ සුවඳට විහගගෙ හිතේ කැමැත්තක්  තිබුණා. ඒ නිසාම ඒ සුවඳ විදින්න ආසාවක් විහගට ඇති උනා.

මේ යුවතිය එක්ක  කතා කරන්න ඕන උනා. ඒත් හිතට මොකක්දෝ අමුතු බයකුත් දැනුණා. ඇය එක්ක කතා කරන්න  මාතෘකාවක් හිත හිත  ඉද්දි බස් කොන්දොස්තර  මහතා ඉතිරි  මුදල් ගන්න  කියල කෑගගහ ඇවිත් ෂීට් එක ළඟ නතර උනා. ඔයාගෙ ඉතුරු  සල්ලි දෙන්න  මට රුපියල් දහයක් දෙන්න. ඇය  බෑග්  එක ඇතුළෙ මුදල් සොයද්දී  විහග රුපියල් දහයක් දුන්නා.

හරිම මිහිරි හඬින් තෑන්ක්‍යූ කියල කිවිිවා. ඒ හඬ ඇහුණම විහගට මොකක්දෝ  ආත්මීය බැඳීමක් මතකයට ආවා.  ගොඩක්  කල්පනා කලා  කවද හරි දවසක මේ ළමයා ඇසුරු කරල තියෙනවා  කියලා. ඒත් කවදද, කොහේදීද… විහග සිතිවිලි අතර පැටලිලා. විහග නිහඬ බව  බිදිමින් මනෝලි  හඬ අවදි කළා.

‘අයියා කොහේද  යන්නෙ?’ විහග අකුරු ඇමිණුවා.

‘මම… යාළුවෙකුගෙ ගෙදර… නංගි කොහේද…’

‘මම  යනවා අපේ ආච්චි අම්මා  බලන්න.’

‘නංගිගෙ ගෙදර කොහේද…’

‘අළුත්ගම… මම  ඉන්නෙ ආච්චි අම්මා එක්ක. අම්මායි, තාත්තායි කවදාවත් දැකලා නෑ. අපි  පොඩි කාලෙ ඉඳලා තියෙන්නෙ මඩකලපුවෙ. ඒ කාලෙ අම්මා, තාත්තා  දෙන්නම නැති  වෙලා… අපේ  පවුලෙ  තුන් දෙනෙක් හිටියලු. මල්ලි  අම්මලත් එක්කම  නැති වෙලා. අයියයි මමයි ඉතිරි වෙලා ඉතිං. අපි දෙන්න  ආච්චි අම්මල දෙන්න අරගෙන  හදාගන්න.’

‘ටික කාලෙකින් අයිය බලාගත්ත ආච්චි අම්මගෙ පවුලෙ අය ගිය බස් එක ඇක්සිඩන්ට් වෙලා ගොඩක්  අය එතනම නැති වෙලා. ඊට පස්සෙ අයියට මොනවද උනේ කියල අපේ ආච්චි අම්මා  දන්නෙ  නෑ. මට ආච්චි  අම්මා  නැති දවසට  කවුරුත්ම නෑ.’

‘මේ ළමයගෙ කතාවමයි මට තියෙන්නෙ. එතකොට මේ ඉන්නෙ  මගේ නංගිද?’ විහග හිතන්න පටන් ගත්තා.

‘අපේ  පවුලෙ ඔක්කොම  ඉන්න ෆොටෝ එකක් ආච්චි අම්මා ගාව තියෙනවා. ඒ ෆොටෝ  එකේ ඉන්නෙ අයියා වගේම කෙනෙක්.’ මේ කතාව  විහගට අදහගන්න අමාරුයි.

‘නංගි මම  කළුතරින් බහිනවා. මම  යාළුවත් එක්ක ආච්චිලගෙ ගෙදර  එන්නම් ලබන ඉරිදා.’ විහග එහෙම  කියද්දි  ඇගේ මුහුණෙ තිබුණ හිනාව බලන්න  ලසන්නයි. විහග මනෝලිගෙන් වෙන් උනේ හිතේ පටලැවිලි ගොඩක් එක්ක වුණාට අලුත් බලාපොරොත්තුවක්  තමන් ජීවත් කරවනවා වගේ හැඟීමක් එක්ක.

රේණුකා බණ්ඩාරිගොඩ

Facebook
Facebook