පුංචි සිත්තරාවිට

මුවා වෙවී ඉන්න එපා තවත් හැංගිලා
මුලා නොවී යන්න මගක් නුඹට පෑදිලා
මුදා හැරිය කුරුලු දුවක් ලෙසට ඉගිලිලා
සොයා එන්න ලොවක අසිරි තටුව විහිදලා

දුරක ගියත් සුව අරණක මලින් වෙන්වෙලා
පරව නොයයි නුඹ එනතුරු මලත් පෙම්කලා
දුකෙන් සතුට වෙන් කරගෙන ඉදින් හිනැහිලා
අලුත් ලොවට මිණි පහනක් ලෙසින් බැබළිලා

නෙතින් කඳුළු බිම වැටුනත් මෙමා සිහිවෙලා
සිතින් සවිය ගෙන හිනැහෙන් සිනා උතුරලා
මතක පොතට නව පිටුවක් ලියා අමුණලා
සුවෙන් සිටිනු ලද මිණි කැට පෙමින් සුරැකලා

සිතේ කොණක බරට තිබූ සිහිනෙ දිනවලා
රොනේ එරුනු පුංචි කැකුළු ගනිමි මුදවලා
ලොවේ කොතැන නතර උවත් ඈත පියඹලා
ඇසේ දිනෙක නුඹේ නමත් රනින් ලියවිලා

කඳුළු ගලපු මේ දෑසට සෙනෙහෙ පුරවලා
අඳුරු රුදුරු හැම දේකම අරුත පෙන්වලා
රිදුනු බිඳුනු තැන් සේරම  සුවෙන් සනහලා
දිවියෙ හැමුව නුඹය පවන කියමි දිවුරලා

-විජය මං කුවේණි-

තිවංක එස් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය

Facebook
Facebook