තාක්ෂණික විස්කම් වලින් හිණිපෙත්තේ වැජඹෙන බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය

බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය, වෙළෙඳ කලාපයක් තුළ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් සමූහයේ එකම සාම්පල් රූම් අංශයයි. වෙළෙඳ කලාපයේ සියලු නීති රීති වලට අනුගත වෙමින් අතිශය සාර්ථකව පවත්වාගෙන යන මෙම අංශයේ හාරසියයකට ආසන්න පිරිසක් සේවය කරනවා. මෙම ආයතනය ‘බ්‍රා’ කියන කැටගරියට විශේෂයි. එසේම, 3D ගාමන්ට් එකක් සාම්පල් එකක් බවට පත් කෙරෙන එකම ආයතනය මෙම ආයතනයයි.ගැනුම්කරුවන්ගේ ඉල්ලීම මතත්, ඔවුන්ට ඉහළ සේවයක් ලබා දීම අරමුණු අකරගනිමිනුත් මෙම ආයතනය, වතුපිටිවල සිට මේ ස්ථානයට ගෙන එනු ලැබුවා.

2009 වර්ෂයේ දී බ්‍රැන්ඩික්ස් .. ආයතනය සමඟ අත්වැල් බැඳගත්තා. එවකට මෙම ආයතනයේ නිර්මාණය කෙරුණේ .. සාම්පල් විතරයි. එහෙත් පසුව. ඉහළ කළමණාකාරීත්වයේ තීරණයෙන් නව නිපැයුම් ඉදිරිපත් කිරීම ආරම්භ වුණා. එසේම ඒ සඳහා මධ්‍යස්ථානයක් අවශ්‍ය බවද තීරණය කෙරුණා. ඒ නිසා 2014 වර්ෂයේ දී බ්‍රැන්ඩික්ස් සොල්‍යුෂන් සෙන්ටර් විදියට මෙම ආයතනය බියගමට රැගෙන එනු ලැබුවා.

පෙර දී අපේ ආයතනයේ නිෂ්පාදන සිදු කෙරුණේ කට් ඇන්ඩ් සෝ කියන අංශයෙන් පමණයි. දැන් ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා මත බොන්ඩින්, ඉනොවේෂන්, ග්ලූ බොන්ඩින් යන අංශ සඳහා ආයෝජනය කරලා තියෙනවා. ඒ තුළින් තරඟකාරී සේවාවක් ලබා දීමට අපට හැකියාවක් ලැබී තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය, එහි නිපදවන නිෂ්පාදන වල ගුණාත්මක බව ගැන වගේම එහි සේවය කරන සාමාජික සාමාජිකාවන්ගේ ජීවන තත්ත්වය ගැනත් අවධානය යොමු කරනවා. ඒ නිසා ඔවුන්ට රැකියාවෙන් එහා ගිය ජීවිතයේ විවිධ පැතිකඩවල් හඳුනා ගැනීමට ආයතනය හරහා ඔවුන්ට උපකාර ලැබෙනවා. P.A.C.E., ශිල්ප ආදී වැඩසටහන් තුළින් ඔවුන්ගේ ජීවිත වඩාත් හොඳ මට්ටමකට ගෙන ඒම සඳහා අවස්ථාවන් උදා කර දෙනු ලබනවා.

ඒ වගේම, එම සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් සඳහා පාසල් උපකරණ, ශිෂ්‍යත්ව ආදිය ලබා දෙමින්, අධ්‍යාපන වැඩසටහන් පවත්වමින් ඔවුන්ට ද සවියක් වීමට බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය කටයුතු කරනවා. මේ සියලු කටයුතු සේම එම සාමාජික සාමාජිකාවන්ගේ පවුල් වල සුබසාධනය හා සමෘද්ධිය උදෙසා හරිත තිරසර, මනුසත්කාර ආදී ව්‍යාපෘති ද ක්‍රියාත්මක කරනු ලබනවා.