1. මීරිගම 01 ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන පැවැත්වෙයි

රුධිරය පරිත්‍යාග කිරීමේ ජාතික මෙහෙවර සමඟ අත්වැල් බැඳ ගනිමින් මීරිගම 01 ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන පසුගිය ඔක්තෝබර් මස 13 වන දා එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණා. එම ආයතනයේ සාමාජිකයන් දෙසිය දෙදෙනෙකු (202) මේ සඳහා රුධිරය පරිත්‍යාග කරනු ලැබූ අතර ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මේ සඳහා හිමි වුණා.

2. බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේ දන්ත සායනයක්

ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලීය දන්ත වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් බ්‍රැන්ඩික්ස් ඒකල ආයතන පරිශ්‍රය තුළ දන්ත සායනයක් පසුගිය නොවැම්බර් 08 වන දා පැවැත්වුණා. මෙහි පළමු දිනයේ දී සාමාජික සාමාජිකාවන් 40 දෙනෙකුගේ දත් පරීක්ෂා කිරීම,  පිරවීම හා සැකසීම සිදු වූ අතර මෙම සායනයෙහි දෙවන අදියර මෙම මස 23 වන දා පැවැත්වීමට  සැලසුම් කර ඇති බව ආයතනික සෞඛ්‍ය ආරක්ෂණ නිලධාරිනිය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

3. බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනයේ කාර්‍ය මණ්ඩල සුහද හමුව දිවුලපිටියේ දී

බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වාර්ෂික සුහද හමුව පසුගිය දිනයක දී දිවුලපිටිය Senuri Grand Castello හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූවා. මෙහි දී මීරිගම 01 ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට නව අත්දැකීමක් ලබා දෙමින් Movie Night with Smash Show යන තේමාව යටතේ පසුගිය මාස 6 ක කාර්‍ය සාධන දත්තයන් හා ඉදිරි කාර්තුව සඳහා වන ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. මේ හරහා ඔවුන්ට සිය දක්ෂතා එළි දැක්වීමට ද ඉතා වටිනා අවස්ථාවක් හිමි වුණා.

4. බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ දී වෛද්‍ය සායනයක්

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ  සාමාජිකයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පසුගිය ඔක්තෝම්බර් මස අවසන් සතියේ පැවැත්වුණා. එහිදි රුධිර සීනි මට්ටම් පරීක්ෂාව, රුධිර කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂාව, BMI දර්ශකය පරීක්ෂාව, ඇස් පරීක්ෂාව ආදිය සිදුකරනු ලැබුණා. මෙහිදී ආයතනික සාමාජිකයින්ට අමතරව ආයතනික කළමනාකාරිත්වය සහ තෙවන පාර්ශ්වය වෙනුවෙන් ආයතනික රියදුරන්, පිරිසිදු කිරීමේ අංශයේ සාමාජිකයින් සහ ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට ද මෙම් පරීක්ෂාවන් සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා

5. P. A. C. E. සමාරම්භක උළෙල අති උත්කර්ෂවත් ලෙස රත්මලාන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල් සෙන්ටර් හිදී

රත්මලාන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල් සෙන්ටර් හි P. A. C. E. සමාරම්භක උළෙල පසුගිය ඔක්තෝම්බර් 31 වන දා අති උත්කර්ෂවත් ලෙස එම ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණා. මානව සම්පත් හා පරිපාලන  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඔෂාන් බුද්ධික මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වූ අතර සමූහ මානව සම්පත් අංශයේ කළමණාකාර  කමිඳු කඩවතාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනී විහාරා විජයමුණි මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වුණා.

Facebook
Facebook