1. විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින් බ්‍රැන්ඩික්ස්  මෙවරත් ජනපති සම්මානයෙන් පිදුම් ලබයි.

විශිෂ්ටත්වය මේ වසරේදීත් යළි තහවුරු කරමින් බ්‍රැන්ඩික්ස් සමූහය ජනාධිපති සම්මානයට පාත්‍ර වුණා. ඒ, මෙරට අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන්. එසේම, මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තය තුළ සිය කේන්ද්‍රීය භූමිකාව වෙනුවෙන්ද බ්‍රැන්ඩික්ස් මෙවර ජනාධිපති සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර වුණා.

බ්‍රැන්ඩික්ස් මෙලෙස නැවත නැවත සම්මානයට පාත්‍ර වනුයේ හැට දහසක සාමාජික පිරිසකගේ සුවිසල් දායකත්වය නිසා බව මහත් වූ අභිමානයෙන් මතක් කළ යුතුම කරුණක්.

2. ජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් බ්‍රැන්ඩික්ස් ඒකක දෙකක් පිදුම් ලබයි.

පසුගිය නොවැම්බර් 21 වන දා පැවති කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවැති සම්මාන ප්‍රදානෝත්සවයක දී බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය දේශීය කර්මාන්ත කාණ්ඩය යටතේජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබුවා. එසේම බ්‍රැන්ඩික්ස් වතුපිටිවෙල ආයතනයටත් .. කළමණාකරන බලගැන්වීම යටතේ විශේෂ සම්මානයක් ද එහි දී හිමි වුණා.

3. කෘත්‍රිම බුද්ධිය සමඟ අත්වැල් බැඳගත් දකුණු ආසියාවේ මුල්ම ආයතනය බවට බ්‍රැන්ඩික්ස් පත් වේ.

නව පිබිදුණු විසඳුම් ක්‍රමවේදයේ ප්‍රධානතම අංගයක් වන නවෝත්පාදනය යටතේ නිරතුරුවම නව තාක්ෂණය සමග කටයුතු කිරීම සහ යාවත්කාලීන වීම බ්‍රැන්ඩික්ස් අපි නිරතුරුවම අනුගමනය කරනා දෙයක්.

ඒ යටතේ මෑතකදී සමග දකුණු ආසියාවේ මුල්ම ආයතනය වශයෙන් Copilot for Microsoft 365 සමග අත්වැල් බැඳගැනීමට අපිට හැකියාව ලැබුණා. මෙහිදී AI තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන Microsoft Copilot යෙදුම බ්‍රැන්ඩික්ස් සමූහයට හඳුන්වා දීම, AI තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන Chat Bot කෙනෙක් හඳුන්වාදීම, තොරතුරු තාක්ෂණික ගැටළු විසඳීම සඳහා AI තාක්ෂණය භාවිතයෙන් කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ Brandix Metaverse හඳුන්වාදීම ආදිය මෙහි දී සිදු කෙරුණා.

4. බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සේවක සභා නිලධාරී පුහුණුව The long beach හෝටල් පරිශ්‍රයේ දී.

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ, 2022/24 සේවක සභා නිලධාරි මණ්ඩලය සඳහා වූ පුහුණු වැඩසටහන, පසුගිය නොවැම්බර් මස 14 වන දින කොග්ගල The Long Beach හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා. නිලධාරීන් 42 ක් මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගි වුණා.

5. බ්‍රැන්ඩික්ස් ආයතන රැසක දී උත්කර්ෂවත් ලෙස දීපවාලි උත්සවය සැමරෙයි.

පසුගිය නොවැම්බර් 12 වනදාට යෙදුණු දීපවාලී සැමරුම බ්‍රැන්ඩික්ස් ආයතන රැසක දී උත්සවාකාරයෙන් පැවැත්වුණා.

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ දී හින්දු පූජකතුමෙකු විසින් සිදු කරන ලද ආගමික කටයුතු වලින් පසුව කැවිලි සංග්‍රහයක් පැවැත්වුණු අතර ඉන් අනතුරුව මෙම වසරේ තිරගත කරන ලද ලියෝ චිත්‍රපටය ආයතනය තුළ දී ප්‍රදර්ශනය කෙරුණා. බ්‍රැන්ඩික්ස් වතුපිටිවෙල ආයතනයේ දීපවාලී සැමරුම හින්දු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර විශේෂ දිවා ආහාරයක් රස විඳිමින් බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල් සෙන්ටර් හීදී දීපවාලී සැමරුම සිදු කෙරුණා.

6. බ්‍රැන්ඩික්ස් ආයතන කිහිපයක් වසරාවසාන චාරිකාවේ නිරත වේ.

බ්‍රැන්ඩික්ස් ආයතන අතරින් බ්‍රහස්පතින්දා රිදීගම, බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් හා බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල යන ආයතන පසුගිය නොවැම්බර් මාසයේ වසරාවසාන විනෝද චාරිකා වල සහභාගි වුණා.

මෙහිදී, බ්‍රැන්ඩික්ස් රිදීගම හා බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් ආයතනය අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පිටත්ව ගිය අතර එහි දී සංගීතමය වැඩසටහනක් පැවැත්වුණා.

එසේම බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයෙන් හලාවත කැලොරිනා බීච් හෝටල් පරිශ්‍රය වෙත පැමිණි අතර එහිදී ද සංගීත සන්ධ්‍යාවක් පැවැත්වුණා.

Facebook
Facebook