ප්‍රේමය

නිදහසේ නෙතු පියා
නිදන්නට වෙර දරන
නෙතු පියන් අතරිනුත්
මතකයක් ඉකිබිඳින
රාත්‍රිය උසාවියකි
අපේ හිතේම නඩු අසන…

ළං වෙලා ආදරෙන්
පොරොන්දු දෙන විටදි
බැරි උනා සිතන්නට
සොබා දහමේ නියැදි
වෙනස් වෙන්නෑ කියන
වචන තෙපලද්දි
නොවෙනස්ව එකම දේත්
වෙනස් වීම බව
අමතක උනා ඔබේ ප්‍රේමය ළඟදි…

චතුරිකා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook