1. සැමට සෙත්පතා ආශිර්වාද බෝධිපූජා පින්කමක් මිනුවන්ගොඩින්.

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනයේ සාමාජික සාමාජිකයන්ටත්, ඔවුන්ගේ පවුල් වල සෑම දෙනාටමත් සෙත්පතා ආශිර්වාද බෝධි පූජා පින්කමක් පසුගිය දා පැවැත්වුණා. මෙම පින්කම බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධ ආශ්‍රමයේ විහාරාධිපති පූජ්‍ය මොරාවත්තේ සුබෝධි ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් සිදු කරනු ලැබුවා.

2. සතුට මිහිර වාං දැමුන බ්‍රැන්ඩික්ස් ඒකල විනෝද චාරිකාව.

බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේ සාමාජික සාමාජිකාවන්, එම ආයතනයේ වසරාවසාන චාරිකාවට පසුගිය දා සහභාගිත්වයෙන් වුණා. ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වන දා එම පිරිස වත්තල පෙගසස් රීෆ් හෝටල් පරිශ්‍රයේ දී විනෝදාත්මක ක්‍රීඩා දිනයකට සහභාගී වුණා. මෙහි දී එම සාමාජිකයන්ට විනෝද ක්‍රීඩා ඉසව් වලට සහභාගි වී තෑගි දිනා ගැනීමට ද අවස්ථාව හිමි වුණා.

3. ළය පුබුදන ලෙයට බියගමින් එකතුවක්.

බ්‍රැන්ඩික්ස් බියගම ආයතනයේ ලේ දන් දීමේ වැඩසටහන පසුගිය  දා පැවැත්වුණා. මෙහි දී එම ආයතනයේ සාමාජික සාමාජිකයන් 57 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරනු ලැබුවා. මේ සඳහා රාගම ලේ දන් දීමේ සංවිධානයත් සහභාගී වුණා.

4. සුව සුරැකුම දෙන සහනය- කොග්ගල වෛද්‍ය කඳවුර.

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සාමාජිකයන් වෙනුවෙන් පසුගිය දා වෛද්‍ය කඳවුරක් පැවැත්වුණා. එම ආයතන පරිශ්‍රයේදී ම පවත්වනු ලැබූ මෙම වැඩසටහනේ දී රුධිර සීනි මට්ටම්, රුධිර පීඩන මට්ටම්, රුධිර කොලෙස්ටරෝල් මට්ටම්, ශරීර ස්කන්ධ දර්ශකය ආදිය පරීක්ෂා කිරීම සිදු කෙරුණා. මෙහි දී, ආයතනයේ සාමාජිකයින්,  කළමණාකාරීත්වය මෙන්ම අනෙකුත් පිරිසට ද මෙම පරීක්ෂාවන් සිදු කරගැනීමට ඉඩ ප්‍රස්තාව හිමි වුණා.

5. NCC ය වර්ණවත් කල බ්‍රැන්ඩික්ස් ක්‍රිකට් කානිවල්.

බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ සිටින සියළුම විධායක ශ්‍රේණි සාමාජික සාමාජිකාවන්ගේ වාර්ෂික ක්‍රිකට් සැණකෙළිය ‘බ්‍රැන්ඩික්ස් ක්‍රිකට් කානිවල්’ යන නමින් පසුගිය 2 වන දා කොළඹ NCC ක්‍රිඩා පිටියේ දී පැවැත්වුණා. මේ සඳහා සියලුම බ්‍රැන්ඩික්ස් ආයතන සහ බ්‍රැන්ඩික්ස් සහෝදර ආයතන එක්ව තරඟ කළ අතර මේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 40 ක් සහභාගී වුණා. මෙහි දී, හොඳම පන්දු යවන්නා ලෙස ස්පාර්ක්ස් කණ්ඩායමේ රසික සිරිපේගොල්ලත් හොඳම පන්දු යවන්නිය ලෙස ස්පාර්ක්ස් කණ්ඩායමේම තක්ෂිලා දුනුසිංහත් සම්මාන ලැබුවා. හොඳම පිතිකරුවා ලෙස බී බී ඒ ටී කණ්ඩායමේ නිරෝෂන් ෆර්නැන්ඩෝත්, හොඳම පිතිකාරිණිය ලෙස බී බී ඒ ටී කණ්ඩායමේ අස්‍රා හසානුත් තේරී පත් වුණා. එසේම තරඟාවලියේ වීරයින් ලෙස ස්පාර්ක්ස් කණ්ඩායමේ තාරක සිල්වා හා තක්ෂිලා දුනුසිංහත් සම්මාන ලැබුවා. තරඟාවලියේ ශූරතාව ස්පාර්ක්ස් කණ්ඩායමත්, අනුශූරතාව බී බී ඒ ටී කණ්ඩායමත් හිමිකර ගනු ලැබුවා.

Facebook
Facebook