මිතුදම

නන්නාදුනන්නන් පිරිවැරූ
වැඩබිමේ තනිවෙලා හිඳිද්දී
ඔබෙ දෙනෙත් හමුවුණා
මගේ නෙත් සැරිසරද්දී…

මඳහසක් නැගූයෙමි
හුරුපුරුදු හින්දා
හසරැළි නැගුවා ඔබත්
පෙර සසරෙ හමුවුණිද මන්දා…

එයින් පසු නිමක් නැත
අපෙ කතා අපෙ සිතා
ළතැවි ළතැවී සිටි
මගේ සිත සැනසුණා…

එකම තැන පල් වෙච්ච
මගේ මේ ජීවිතේ ඔබ සමඟ
ගඟක් සේ ගල ගලා
හුඟක් දුර පැමිණියා
දුක් සුසුම් සෝ තැවුල්
ගඟේ පාවී ගියා…

එම්. පී. කුමුදුමාලි
බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook
Facebook