කවියකි නුඹ

දෑස මානයේ රැඳෙනා
මේ හිත නුඹවම සොයනා
කතරකට මිරිඟුවක් සේ
නුඹ මට සිහිනයක් වෙලා
නින්දෙන් මා හඬවාලා
හිත රිදෙනා දුර ඇදුණා
දවසෙම මගෙ හිත නිවනා
කවියකි නුඹ පද මැකෙනා
දින පොත මතකෙන් පිරෙනා
නුඹෙ මතකම එහි දිලෙනා
දෙතුන් දවසකට හමුවී
මාවම හොරකම් කරලා
ඈතින් ඉන්නට හදනා
හැම වරෙකම ළං වීලා
හදවත නිතරම බිඳිනා
නුඹ මට මා නැති කරලා
වචන වලින් මා සනසා
හදවත පතුළට එබෙනා
පිටුවක් නෑරම ඉරලා
මාගෙන් ඈතට ඇදෙනා…

එස්. එස්. කොඩිකාර
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය

Facebook
Facebook