දිරියෙන් දිනමු හෙට දින...

අතීතයේ පාඩම් වලින් අනාගතය දිනන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඔව්, අපි ඊයේ කරපු වරද අද නොකළා නම් අපිට හෙට දවසේ  සාර්ථක වෙන්න පුළුවන්. හිතන්න අපි විභාගයක් ලියන්න කලින් පාඩම් කරන්න හරිම කම්මැළියි. විභාග ප්‍රතිඵල එනකොට අපිට හිතෙනවා නේද C සාමාර්ථය A හෝ B බවට පත්කරගන්න තිබුණා කියලා. අපිට තමයි අපිව නිවැරැදි මඟට ගෙනියන්න පුළුවන්. තමන්ව සාර්ථකත්වයට ගෙනියන්නේ තමන්මයි. තමන් පසුබට වෙන හැම වෙලාවකම තමන්ගේ සාර්ථකත්වය තමන්ගෙන් ගිලිහී යනවා. සාර්ථක වෙන්න ඕනේ මෙන්න මේ විදිහට වැඩ කරලා කියලා හිතුවොත් අවශ්‍ය තැනට යන එක හරිම පහසු කාරණාවක්. මේ ලෝකයේ දියුණු වෙලා ඉන්න හැම කෙනාම සාර්ථක වෙලා තියෙන්නේ ටිකක් නෙමෙයි ගොඩක් මහන්සි වෙලා. සමහර වෙලාවට මේ ගෙවුණ වසර ගැන ඔබට දුකක් ඇති… ඒ දුක ඇති කරගත්තේ කවුද… ඒ දුකට හේතුව තමන්මයි. අපිට ගොඩාක් කරදර බාධක එද්දී, ඒ හැම කරදර බාධකයක්ම ජය ගන්න ශක්තිය අපි තුළින් ගොඩනඟාගත යුතුයි. ආර්ථික අර්බුධකාරී තත්ත්වය තුළ ජය ගන්න අමාරුයි. ඒත් උත්සාහවන්ත වෙලා අපි  බලාපොරොත්තු සාර්ථක කරගන්න ඕනේ. අපි ඊයේ කරපු වැඩේ නිසා අද පසුතැවෙන්න වැඩ කරන්න හොඳ නැහැ. අද  අපි  මහන්සි වෙන එකේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගතයේ දවසක. අපිට පුළුවන්නම් පුංචි පුංචි වැරදි ටික හදාගෙන ධෛර්යවන්තව  හෙට දවසට මුහුණ දෙන්න අන්න එදාට අපි ජයග්‍රාහී පුද්ගලයෙක් වේවි.

2023 වසරේ ඔබට අතපසු වුණ වැඩ මොනවද? ඔබට ළඟා කර ගන්න බැරි වුණු දේවල් මොනවද? හොඳට හිතලා බලන්න. අලුත් විදියකට හොඳ ආත්ම ශක්තියකින් ඒ දේවල් 2024 වසරෙදි ළඟා කර ගන්න හොඳ සැලැස්මක් හදා ගන්න. අමාරු දෙයක් නෙවෙයි, උත්සාහවන්ත නම්. අපිට තියෙන ශක්තීන් නියමාකාරව භාවිතා කරනවා නම් ජයගැනීම හරිම පහසුයි. අපි නියම ශක්තිය හොයාගෙන අපේ ඉලක්ක ජයගන්න හරි මාවතේ ගමන් කරන්න ඔබටත් පුළුවන්.

ඔබට ජය!

රේණුකා බණ්ඩාරිගොඩ

Facebook
Facebook