පුංචි කාලේ ඉදලම වෙනස්වීම්වලට අපි හරිම බයයි…

මොකද පුංචි වෙනස් වීමකින් අපේ වටේ තියෙන සැහැල්ලු වටපිටාව බිඳිලා යයි කියල අපේ හිතට පුංචි බයක් දැනෙන්න ගන්නවා. එහෙම උනාම ලැබෙන ප්‍රතිපලය දරුණු එකක් වෙයි කියලමයි අපේ හිතට දැනෙන්නේ..

හැබැයි ලැබෙන ප්‍රතිපලය සුබදායක එකක්  වෙයි කියලා හිතන්න තරම් අපේ හිත ධනාත්මක නෑ. පුංචි දවස්වල ඉඳලම අපි ගොඩ නැගෙන්නේ බොහොම සාමකාමී සැහැල්ලු පරිසරවල. අභියෝග ලැබෙන්නේ අඩුවෙන් අභියෝගයක් ලැබුනත් ඒක තනියම නම් කරන්න වෙන්නේ නෑ. එක්කෝ ගෙදර අය ඒකට සම්බන්ධ වෙනවා. නැත්නම් යාලුවෙක් හරි අපේ වැඩේට සහයෝගයක් දෙන්න කියලා ඉදිරිපත් වෙනවා. ඉතින් ජිවිතේ තනියම අභියෝගයකට මුහුණ දෙන්න පටන් ගන්නේ වයසින් මුහුකුරා ගියාම.

ඒ වෙනකොට ගොඩක් තැන්වලින් අපි පාඩම් ඉගෙන ගෙන අපේ හිත කුරුවල් වෙලා ඉවරයි.

ඉතින් ඒ කාලේදී අභියෝගයක් කියන්නේ තවත් ජිවිතේ කඩාවැටීමක් වෙයි කියල හිතන්න තරම් අපි පුරුදු වෙලා ඉවරයි. ඉතින් අපි වෙනස්වීම් දරාගන්න ශක්තිමත් පුද්ගලයන් වෙනව ද? කියලා ඔබම හිතන්න..

අපි හැමදාම අහන කතාවක් තමයි ඩයිනොසර් ලා වඳ වීමට හේතුව වෙනස්වෙන පරිසරයට අනුගත නොවුන එක කියලා. කටුස්සාට පුළුවන් නම් තමන්ගේ ජිවිතේ බේර ගන්න ඇගේ පාට වෙනස් කරගන්න….

සතුරාට අහු වුනාම තමන්ගේ නැට්ට කඩලා දාලා ගිහින් ජීවිතය බේර ගන්න හුනාට පුළුවන් නම් …..

ජිවිතේ වෙන සමහර  වෙනස්වීම් වලට ඇයි අපට මුහුණ දෙන්න බැරි..

දළඹුවෙක් වෙනස් වෙලා වෙනස් වෙලා ලස්සන සමනළයෙක් වෙනකොට, අපේ ජිවිත වෙනස් වෙන එකෙන් ලැබෙන හොඳ ප්‍රතිපලය ගන්න ඇයි අපි හිතන්නේ නැත්තේ…

සමහර විට අපි නොහිතන වඩාත් ප්‍රතිපලදායි සුබදායක දෙයක් අපේ වෙනසක් එක්කම අපට ලැබෙන්න පුළුවන්….

හරියට කැත දළඹුවෙක් ලස්සන සමනලයෙක් උනා වගේ. ලෝකය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. පරණ ක්‍රමවේද ඉවත් වෙලා ඩිජිටල් ලෝකයකට අපි පය තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ ජිවිත වෙනස් වෙලා, හිතන පතන විදිහ වෙනස් වෙලා. ඉතින් මේ වෙනස් වෙන ලෝකේ නොවෙනස්වන කිසිම දෙයක් පවතින්නේ නෑ. පැවතීමක් තියෙනනම් නම් වෙනසට අනුගත විය යුතුමයි.

අනාගතය ජය ගන්නට සිටින තරුණ කණ්ඩායම් විදිහට වෙනස්වීම සම සිතින් දරාගන්නට හයිය අපේ හිත් වල තිබිය යුතුමයි..

ඒ හයිය තවත් ලස්සන අනාගතයක් හැමෝටම ඉතුරු කරාවි..

සුබ කෝණයකින් අනාගතය දෙස වෙනස්ව බලන සුන්දර මිනිසුන් බිහි කරන්නට ඒ වෙනසට හැකිවේවි .

සටහන – බුද්ධිකා කාරියවසම්

Facebook
Facebook