ලක්දිව නා රජුන් දමනය කළ බක් පුන් පෝ දිනය අදයි

නව අවුරුදු සිරියෙන් මුලු රටම සැරසෙන බක් මාසයේ එළැඹෙන බක් පොහොය දිනයත් බෞද්ධයන්ට අලුත් අවුරුද්ද තරම්ම සුවිශේෂී දිනයක්. ඒ අප මහා භාග්‍යවත් බුදුරජාණන් වහනේ චූලෝදර මහෝදර නම් නාග රාජයන් දෙදෙනෙකු සමාදාන කරවීම සඳහා ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ දිනය වීමයි. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අද වැනි බක් පොහෝ දිනයක මිණිපළඟක් හේතුවෙන් යුධ වැදීමට සැරසී සිටි චූලෝදර මහෝදර නා රජවරුන්ටත් රැස්ව සිටි යුධ සේනාවටත් ජාතක කතා කිහිපයක් දේශනා කර වෛරය නිසා සිදුවන විපාක පෙන්වා දී දෙපිරිස සමඟි කළ සේක. මේ සිදුවීම නාගදීප පුණ්‍ය භූමියෙහි සිදු වූ බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා.

ඒ පමණක් නෙවෙයි සිදුහත් කුමාරයා සතර පෙර නිමිතිවල එන මහල්ලෙකුගේ රුවක් දකින්නේත්, බුදුවීමෙන් පසු කිඹුල්වතට වැඩම කර තමන්ගේ ඥාතීන්ට නිවන් මඟ අවබෝධ කරගන්නට දහම් දෙසන්නේත් අද වැනි බක් පුන් පෝ දිනකයි. මෙවැනි වැදගත්කම් රාශියකින් සපිරි මේ පුණ්‍යවන්ත බක් පුන් පොහොය බැති සිතින් සමරන්නට අපත් එක්වෙමු.

Facebook
Facebook