ගජ මිතුරෝ

දෙපිලට වී ඉත්තො බෙදා
තරඟය දුන්නත් මිතුරා
එක බත්පත දෙකට බෙදා
කෑවා මතකද පෙරදා….
මේක තරඟයක් මිතුරා
හිතේ කහට නැත කිසිදා
කොහේ කොතන තරඟ කළත්
සාරධර්ම හිත පිරිලා…

Facebook
Facebook