ඔයා ගැන ඔයාම හිතන්න

මේ ජීවිතේ හරිම ඒකාකාරියි කියලා දැනෙනවා නේද? දවසේ අවසානේ හිතලා බැලුවම මහන්සියක් එක්ක  ලොකු කළකිරීමක් විතරයි නේද දැනෙන්නේ?

දවසේ පැය විසි හතරෙන් වැඩි කාලයක් රැකියාවට, නින්දට වගේම  අනිත් අය වෙනුවෙන් අපි වෙන් කරලා තිබුනට අපි වෙනුවෙන් අපිත් එක්ක දොඩමලු වෙන්න පොඩි වෙලාවක් වෙන් කර ගන්න අමතක උනා නේද..

මේ ඒකාකාරි ජීවිතේ වෙනස් කරගන්න මොකක්ද අපි කරන්න ඕන කියලා මම කියන්නම්.

ඔයාට ඔයා  එක්ක කතා කරන්න තියෙන හොදම වෙලාව තමයි  උදේ අවදිවෙන වෙලාව. එහෙනම් අද ඉදන් ඔය කම්මැලිකම පොඩ්ඩක් පැත්තකින් තියලා වෙනදාට වඩා පැය බාගයක් කලින් එලාම් එක තියලා නැගිටින්න. වෙනදා පුරුද්දට නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගන්නේ නැතිව,

ඇඳේ ඉඳන්ම ඔයා ඔයාගෙ හිතත් එක්ක පොඩි වෙලාවක්  කතා කරන්න.

ඔයාට වැරදුණු තැන්, මග හැරුණු තැන් වගේම අතපසු වුණ, දුක හිතුණ දේවල් ගැන වගේම ඇයි එහෙම වුණේ කියලාත් කතා කරන්න.

ඒ වගේම ඒ වැරදි, අඩුපාඩු වලින් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕන කොහොමද කියලාත් ඔයා ඔයාට කියන්න. ඊයේ දවස ගැන පසුතැවිලි වෙන්නේ නැතිව අද දවස සතුටින් ගෙවන්න ඕන කියලා ඔයා ඔයාටම කියන්න. ඒ වෙනුවෙන් පුංචි  සැලැසුමක් එක්ක දවස පටන් ගන්න. අද ඉඳන්ම මේ පුංචි ක්‍රියාකාරකම කරලා බලන්න.

ලස්සන වෙනසක් ඔයාට ඔයා ගැන  දැනෙන්න පටන් ගනීවී.

කලින් තිබුණු කලකිරුණු ඒකාකාරි ගතිය ජීවිතෙන් අයින් වෙලා ලොකු නිදහසක් හිතට දැනේවී.

රුවනි ජයලත්
ජ්‍යෝෂ්ඨ මනෝඋපදේශිකා
කොග්ගල ආයතනය

Facebook
Facebook