අනෙක් අය කියන දේ ඔයා අහන් ඉන්න ආසයිද ?

මේක කියවන ඔයත් ලියන මමත් අපි හැමෝම හරිම ආසයි අපිට ප්‍රශ්නයක් තියෙනකොට කවුරුහරි අපි කියන දේ අහන් ඉන්නවට. ඇතිවෙනකන් එයාට ඒ දේවල් කියන්න. ඇයි අපි ආස අපි කියන දේවල් වෙන කෙනෙක් අහන් ඉන්නවට? එහෙම ප්‍රශ්නයක් අහන් ඉන්නකොට ලොකු සැනසීමක් අපට දැනෙනවා. ඒ වගේම හිතට ලොකු ශක්තියක් දැනෙනවා. මට මාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා කියන හැඟීම දැනෙනවා. ඉතින් එහෙනම් අපිටත් පුලුවන් නේද තව කෙනෙක්ට හොඳ සවන් දෙන්නෙක් වෙන්න? අපි වටා ඉන්න ආදරණීයයන්ට සවන්දෙන්න.

අපි හොඳ සවන් දෙන්නෙකු වීම තුළින් අපිටත් ගොඩක් දේවල් ලැබෙනවා.  එය අපගේ ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වටිනා කුසලතාවයක්. ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට, සන්නිවේදනය වැඩි දියුණු කිරීමට, සන්නිවේදනය සහ අවබෝධය වැඩි දියුණු කිරීමට මේ සවන් දීම උපකාරී වෙනවා. පුද්ගලයන් අතර විස්වාසය හා ගෞරවය පිළිබඳ හැඟීමක් ඇති කරනවා. හොඳ සවන්දීම කියන්නේ කතා කරන පුද්ගලයා  සමඟ සම්බන්ධ වීම සහ ඔවුන්ගේ වචන කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඒ සඳහා විවෘත මනසකින් යුක්තව සහ විනිශ්චයෙන් තොර වීම ද අවශ්‍ය වෙනවා. ඒ වගේම සවන් දීමට සහ තේරුම් ගැනීමට කාලය ගත කිරීමෙන්, අපට අර්ථවත් සම්බන්ධතා ඇති කර ගන්න පුලුවන්. ඔබත් ගොඩක් අය ළඟ නැති කෙනෙක්ගේ ප්‍රශ්නයක දී හොඳ සවන් දෙන්නෙක් වෙන්න.

මෙලනි නාරම්පනාව
බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය

Facebook
Facebook