නැණ මල් පිබිදූ P.A.C.E. කාර්ය මණ්ඩලය

P.A.C.E . කියන්නේ 2012 වසරේ ඉඳන් මේ දක්වා බ්‍රැන්ඩික්ස් ආයතනයේ  සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික දියුණුව වගේම වෘත්තීය මට්ටම දියුණු කරන්න පවත්වාගෙන යන වැඩපිළිවෙලක්. ඉතින්  P.A.C.E. වැඩසටහන යටතේ  10,000ක පමණ සාමාජික සාමාජිකාවන්ට පුහුණුව ලබා දීල තියෙනවා. ඒ වගේම 6,000කට වැඩි පිරිසක් වෙත P.A.C.E.  මඟින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබුවා. ඉතින් මේ සාමාජික සාමාජිකාවන් සහතිකපත්ලාභීන් දක්වා පුරුදු පුහුණු කළ, සහතික පත් ලබාගන්නට කැපවී තම දැනුම දුන් කාර්ය මණ්ඩලය ඇගයීමක් සිදු කරන්නට බ්‍රැන්ඩික්ස් අපි අදහස් කළා. 140කට ආසන්න පුහුණුකරුවන් වෙත ඔවුන්ගේ කැපවීම, මහන්සිය වෙනුවෙන් ඔවුන්ව ඇගයීමට අපි වැඩසටහනක් සංවිධානය කරනු ලැබුවා. කොළඹ ගලධාරී හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණ මේ ඇගයීම් අවස්ථාව මඟින් තව තවත් ඉදිරියට ඔවුන්ගේ දැනුම බෙදා හදාගන්නට නිසැකයෙන්ම උපකාරවනු නොඅනුමානයි.