උතුම් දානය - රුහිරු දානය

ආගම් කුල ජාතිභේද
දන් දෙනකොට නෑ බැලුවේ
මනුසත් සිත් පෙරදැරිවයි
තම රුධිරය දන් දුන්නේ

දවස් මාස බල බල මයි
මේ වෙනකම් කල්  ගෙව්වේ
කාටද ලේ දන් දෙන්නේ
නැහැනේ කිසිවකු ඇහුවේ

දහස් ගණන් ජීවිත යළි
පණ ගන්නට සවිය දුන්න
ලෝභ සිතක් නැතිව හිතේ
රුධිර ධනය ලබා දුන්න

ගෞරවයත් ආදරයත්
හිතේ කොනක රඳව ගන්න
ඔබ කළ මෙහෙයට බෝ තුති
මල් මිට පුද කරමි ඔන්න.

Facebook
Facebook