සතුටින් ඉන්න පුංචි දේවල් ටිකක්

සතුටින් ඉන්න ඕන නම් අදම මේ දේවල් ටික කරන්න පටන් ගන්න.

සතුටින් ඉන්න අපි හැමෝම ආසයි. සතුට අපේ ජීවිතයට ඕනම කරන දෙයක් වුණාට ඒක ජීවිතයට ළං කර ගන්න එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. හැබැයි අපි නොයෙක් විදිහට මේ සතුට අපේ ජීවිතයට ළං කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට සතුටු වෙන්න කියලා හිතාගෙන අපි කරන  දේවල් නිසා දන්නේ ම නැතිව අපේ සතුට නැතිවෙලා තියෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් අපි අපේ සතුට තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ගිහින් දුකට පත් වෙලා ඉන්නත් පුලුවන්.

මේ කොහොම උනත් මේ ජීවත් වෙන පුංචිම  කාලය ඇතුලේ ඔයාව සතුටින් තියන්න ඔයාට කරන්න පුලුවන් පොඩි දේවල් ටිකක් මම කියන්නම්.

* උදේම දවස පටන් ගන්න

* දවසේ පැය 24න් එක පැයක් හරි ඔයා වෙනුවෙන් වෙන් කර ගන්න.

* ඔයාව දුකට පත් කරන, ඔයා අකමැති දේවල් කරන කියන අයගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න, කතාවට යන එක අඩු කරන්න.

* ඔයාගේ ගෙදර, කාමරය පිරිසිදුව පිළිවෙළට තියා ගන්න.

* දිනපතා ඔයාගේ ශරීරය පිරිසිදු කර ගන්නවා වගේම පිරිසිදු ඇදුම් අඳින්නත් අමතක කරන්න එපා.

* දවසේ පොඩි වෙලාවක් ඇවිදින්න, ව්‍යායාමයක් කරන්න වෙලාවක් වෙන් කර ගන්න.

* ආසම කරන සිංදු දෙක තුනක් වත් දවසට අහන්න.

* ආස කරන කෑමක් තියෙනවා නම් මාසෙකට සැරයක් හරි ඒ කෑම එක කන්න. එහෙම නැත්නම් ගෙදරදි හදන්න උත්සාහ කරන්න.

මේ මම කිව්වේ ඔයාට කරන්න පුලුවන් පුංචිම පුංචි දේවල් ටිකක් විතරයි.

ඔයාට පුලුවන් නම් අද ඉඳලම මේ පුංචිම පුංචි දේවල් ටික කරන්න පටන් ගන්න, ඔයාගේ ජීවිතේට සතුට ළං කර ගන්න එක තවදුරටත් අපහසු වෙන එකක් නැහැ.

රුවනි ජයලත්.
මනෝ උපදේශිකා ,
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය.

Facebook
Facebook