බැති සිතින් පායලා පොසොන් සඳ

බෝ පතක් සෙලවෙනා සුවය විඳ
බැති සිතින් පායලා පොසොන් සඳ
බුදු හිමිගේ දෑස් දෙස බලා හිඳ
නිවන් මඟ දුර ඇයි ද හිතනවද..

මලක් වත් වෙලා හරි බුදු හිමිගේ සෙවණේ
පරවෙන්න හැකි නම්  සංසාර ගමනේ
දම් සුවඳ පැතිරේවි හැමදාම දෙරණේ
අපි හැමට පුළුවන් යන්න තුන් සරණේ…..

සංසාර ගමනේ නොනිමි වූ බැඳීමන්
පුරවාන හැම විටම මෝහෙන් ඇලීමන්
දුක පිරුණු ලෝකයට කඳුළු බිඳු පුරවන්
කුසල් සිත වසා ඇත සමරහක් නරයන්…

පිංසාර ජීවිතේ කරුණාව බෙදාගෙන
බුදු හිමිගේ පා නමැඳ දෙඅත් හිස තබාගෙන
මගේමයි  මගේ යැයි කියමින් බදාගෙන
නොයන් තව ජීවිතේ බර හිසේ තබාගෙන…

බෝපතක සිසිල විඳ බුදු හිමිගේ අරණේ
අඩවන්ව නෙත් අඟින් ගලනා  සරණේ
විස්තරය ලියවේවි හැමදාම තොරණේ
හැමෝටම උරුමයි අහිමි නැති මරණේ…

කුසල් සිත හැම විටම විවරවම තබන්න
මෙත් සිතින් හැමෝටම ආදරය බෙදන්න
ජීවිතේ හැමවිටම අනියතයි සිතන්න
ඒ හැමට පුළුවන් නිවනේ මඟ දකින්න …

නීෂා මධූරංගි.

Facebook
Facebook