ප්‍රතික්ෂේපය

ප්‍රතික්ෂේප වීමක් කියන්නේ මිනිස් ජීවිතයට දුක්ඛිත හැඟීම් සමුදායක් අරන් එන සිදුවීමක්. පවුලේ සාමාජිකයන්ගේ විරසක වීමක්, ප්‍රේමයේ හෝ මිත්‍රත්වයේ හැරයාමක්, සමීපතමයන් විසින් ඔබව නොසලකා හැරීමක්, රැකියාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමක්, බොහෝ කැපවීම් කරමින් ගොඩ නැගූ අනාගත සිහිනයක් එක ක්ශණයකින් අහිමිවී යාමක් ආදිය ප්‍රතික්ෂේප වීම් වලට හොඳම උදාහරණ. ප්‍රතික්ෂේප වීමකදී දැනෙන මානසික හා චිත්තවේගීය කම්පනය ඔබ නොහිතන අඳුරු ප්‍රතිවිපාක බොහෝමයකට ඔබව රැගෙන යනවා.

නමුත්, ප්‍රතික්ෂේප වීමකදී ඔබට අහිමි වන ආත්ම විශ්වාසය ඔබ තුළින්ම නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ සතු බව ඔබ දන්නවාද?

සෑම ප්‍රතික්ෂේප වීමකදීම ඔබට ඊට වඩා ගුණාත්මක යමක් ලැබීමට ඇති බව විශ්වාස කරන්න.

කිසිවිටෙකත් උත්සාහය අත් නොහරින්න.

ඔබ අවාසනාවන්ත බව හෝ ඔබට කිසිවක් නොලැබෙන බව සිතීමට නොපෙළඹෙන්න.

ඔබට ලැබීමට සුදුසුම දේ ඔබට ලැබිය යුතු සුදුසුම කාලයේදී ඔබ වෙත පැමිණෙන බව විශ්වාස කරන්න.

ප්‍රතික්ෂේපය ඔබට ජීවිතයට ලැබුණු හොඳම අභිප්‍රේරණය කරගන්න. මුළු ලෝකයම ඔබව ප්‍රතික්ෂේප කළත්, ඔබ ඔබව පිළිගන්නවා නම්, ඔබව විශ්වාස කරනවා නම්, ඔබේ ශක්තිය විශ්වාස කරනවා නම් ඔබව ප්‍රතික්ෂේප කළ මුළු ලෝකයම පරාජය කරන්න ඔබට අපහසු නැහැ.

යසස්මී තුඩුහේන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල

Facebook
Facebook
Facebook