හිතේ සිතුවිලි හරි අපූරුයි

එකම දවසක අසුරු සැණෙකින්
හිතේ සිතුවිලි දුවයි දස දෙස
එවන් මොහොතක අපි අපේ වී
දෑත් පටලා සිටියා සවසක
ගුවනේ නැඟලා සැමට රහසේ
ගියා ටජ් මහලේම මුදුනට
අම්මා ඇවිදින් කතා කෙරුවේ
පරක්කුයි අද නම් කියාගෙන……

දැස් විවරව බලද්දි මම
හිටියෙ සුපුරුදු ඇඳේමයි
මගේ තනියට ළඟින් හිටියේ
කඩමාලු ඉරි රෙද්දමයි
හිතත් හරියට චන්දෙ ඉල්ලන
දේශපාලුවො වාගේමයි
මොහොතකින් මම රවටලා ගිය
විදිය නම් හරි අපූරුයි…..

Facebook
Facebook
Facebook