ජවය ප්‍රබෝධය සපිරි රසදිය කුසලානය

සුවිශේෂිවූත්, නම්‍යශීලීවූත් ද්‍රව්‍යයක් වූ රසදිය වැනි බ්‍රැන්ඩික්ස්හි රසදිය කුසලානයේ කතාවත් රසදිය වගේම සුවිශේෂී එකක්. ඒ කුසලානයේ ආරම්භය ගැන මුලින්ම අපි සොයා බලමු. බ්‍රැන්ඩික්ස් සමූහයේ සහෝදරත්වයේත් එකමුතුකමේත් වටිනාකම තව තවත් ඔප්නැංවෙන, වසරේ සම්මානනීය, ප්‍රතිභාපූර්ණ මංගල්‍යය ‘රසදිය මංගල්‍යය’ බව බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් වන ඔබ දන්නා කරුණක්. 2011 සිට අඛණ්ඩව වසර 9ක් මේ රසදිය මංගල්‍යය වඩාත් ජවයෙන් ප්‍රබෝධයෙන් යුතුව පවත්වාගෙන යන්නට අපට හැකි වුණා. මේ මංගල්‍යය මුලින්ම ආරම්භ වුණේ 2011 වසරේදී රසදිය කුසලානය වොලිබෝල් තරඟය විදියටයි. ඒ නිසාම රසදිය මංගල්‍යයේ රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය සුවිශේෂී අංගයක් වනවා. මේ සියලු වර්ෂයන්වලදී රසදිය කුසලානය වොලිබෝල් තරඟාවලිය සියලු දෙනාගේම ජවය,ශක්තිය නැවත නැවතත් අලුත් කරන්නට හේතුවක් වුණා.

පෞද්ගලික අංශයේ ආයතනයක සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් එක් රැස්වන ප්‍රධාන වැඩසටහනක් විදියට රසදිය කුසලානය සැලකෙනවා.2019 වසරෙන් පසු, නැවතත් අපගේ සාමාජික සාමාජිකාවන්ගේ ජවය, ක්‍රීඩාශීලීත්වය උරඟා බලන්නට 2024 වසරේදී රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වන්නට අප තීරණය කරා. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ හැකියාවන් ඉහළ නංවන්නට නිරතුරුවම සැදී පැහැදී සිටින අප ජවයෙන් ප්‍රබෝධයෙන් යුතුව මෙවරත් රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය පෙර අයුරින්ම උසස් ලෙස පවත්වන්නට මේ වෙද්දි සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙවර බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය පෙරදී තිබූ ආකාරයේම තරඟකාරී අත්දැකීමක් වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

Facebook