ෆීනික්ස් කුරුල්ලෙක් වන්න

ජීවිතේ එක වෙලාවක් එනවා හැමදේම නැතිවෙලා, තනිවෙන්න වෙන. ඒ වෙලාව තමයි ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය. ෆීනික්ස් කුරුල්ලෙක් වගේ අළුවලින් නැවත ඉපදෙන්න ඒක තමයි හොඳම අවස්ථාව. මොකද ඒ වෙලාවෙ ඔයාව ගොඩනඟාගන්න ඉන්නේ ඔයාම විතරක් නිසා. ඔයාගෙ හිතේ හයිය කොච්චරක් ද කියලා ඔයාටම මේ වෙලාවේ තේරුම් ගන්න පුලුවන්. ඒ වගේමයි මිනිස්සු බිංදුවේදි තමයි නිවැරදිම තීරණ ගන්නෙ. ලොකුම ඉලක්ක හඹා යන්නෙ. දරුණුම අභියෝගවලට මුහුණ දෙන්න පෙළඹෙන්නේ. මොකද තවත් නැති වෙන්න දෙයක් නැති නිසා. ඒ නිවැරදි තීරණ ටක්කෙටම හරි ගියාම ඔයාව වට්ටන්න කාටවත් බෑ. මොකද බිංදුවටම වැටිලා හීනිපෙත්තෙ ඉඳන්ම තමන්ව ගොඩනඟපු කෙනෙක් ආයෙ කොහොම වැටුනත් තමන්ව ගොඩනඟාගන්න දන්න නිසා.

ඉතින් අමාරු කාලවලට බය වෙන්න එපා. ජීවිතේ හොඳම කාලෙ එන්නෙ ඊට පස්සෙ , ෆීනික්ස් කුරුල්ලා අලු ගසා දාලා ආයෙම නැගිටිනවා වගේ ඔයත් ඔයාගෙ ජීවිතේ වැටුණු තැන් රිදුණ තැන් අමතක කරලා අලුත්ම සිතුවිලි එක්ක නැගිටින්න උත්සාහ කරන්න. ඔයාට අනිවාරෙන්ම හරියනවා. ඔයා අහල ඇති නේ ජීවිතේ කටුකත්වය උපරිමේට විඳපු මිනිස්සු ඕනෙ දේකට ඔට්ටුයි කියලා. ඉතින් කොහොම කොතැන වැටුණත් ආයෙම ඔයාට අලු ගසා දාල නැගිටින්න පුලුවන් කියන හිතේ හයිය හැමදාමත් ඔයා ළඟ තියාගන්න. ජීවිතේ නොසැලී ඉදිරියට යන්න ඒ සිතුවිල්ලම ඔයාට මහමෙරක් වේවි.

Facebook
Facebook