සින්න වූ ජීවිත

අම්ම සින්න වී ඇත ටී ෆැක්ටරියේ
තාත්තාගෙ බාහු බලය ගල් කොරියේ
හැම හවසම දෙන්නගෙ කන්දොස්කිරියේ
ඇත වේදනාවන් සඟවාගෙන පපු හරියේ

නොකරත් වැරදි සැනසුම කර භංගා
උන්ගෙ මනාපෙට අම්බපාලිටත් අන්දා
අම්මගෙ සිනහ සදහට ලෝකෙන් හංගා
මිටි තැන් බල බලමයි ගැලුවෙත් ගංගා

තිවංක දිසානායක
නිවිතිගල ආයතනය

Facebook
Facebook