ඔබ වෙනුවෙන් ඔබට පමණක්!

අත් හැරෙන අත් හරින ප්‍රේමයන් අතරේ
නමකුත් නැති නිමකුත් නැති
ප්‍රේමයක් හිතේ පුරවාන,,,,,
මැයි මල් පිපෙන පරවෙන
දිහා බල බල
නුඹ තනිවම මෙතරම් පෙම් කලේ
කොහොමදැයි අහන්න?
ඇත්තටම පුළුවන් වුනානම් මට
එකම එක දවසක් හරි
සංචරණි වෙන්න
ආදරයෙන් නෙලාගත්
තුත්තිරි මල්මිටක්
ඔබ වෙනුවෙන් ම
ඔබටම පමණක්ම
තිළිණ කරමි…

නීෂා මධූරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook