අදහසට අරුතක්

නිරන්තරයෙන්ම පිබිදුණු විසඳුම් රැගෙන එන බ්‍රැන්ඩික්ස් අපි, 2024 වසරේදී අපේ කාර්ය මණ්ඩලය වෙත නව අදහස්, නිපැයුම් ඉදිරිපත් කරන්නට වේදිකාවක් තැනුවා. ඒ Brandix Innovation Drive 2024 නමින්. එය අදියර 3කින් සමන්විත වුණා. කුඩා වෙනසකින් වුවද සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට නිර්මාණාත්මක, ප්‍රායෝගික විසඳුම් සොයාගැනීමට ආයතන සාමාජික සාමාජිකාවන් පෙළඹවීමත්, විවේචනාත්මක අදහස් දියුණු කිරීම සහ නවමු සොයාගැනීම් සදහා ඉඩ හසර ලබාදීම මෙය සංවිධානය කල බ්‍රැන්ඩික්ස් අපේ අපේක්ෂාව වුණා. අපගේ බ්‍රැන්ඩික්ස් සියලුම ආයතනවලින් මේ සඳහා ඉතාමත් වටිනා නව නිපැයුම් අදහස් රාශියක් ලැබුණා. විධායක අංශයෙන් වගේම සාමාජික අංශයෙනුත් වෙන් වෙන් වශයෙන් තරඟ අංශ ද්විත්වයක් ඉදිරිපත් කරමින් ඉන් වඩාත් ප්‍රතිඵලදායි නව නිපැයුම් අදහස් 11 බැගින් තෝරාගන්නට අප කටයුතු කලා. මේ සියල්ලෙනුත් වඩාත් හොඳම අදහස් තුන තෝරාගැනීම අපට අතිශය දුෂ්කර කටයුත්තක් වුණා. විධායක ශ්‍රේණියේ හොඳම අදහස් තෝරාගැනීමට සහභාගී වූයේ, අසංක විමලරත්න මහතා, දිනූෂා ජයමාන්න මහත්මිය, ඕෂධ සේනානායක මහතා සහ රෝලන්ඩ් ස්මිත් යන ප්‍රවීණ සුදුසුකම්ලත් විනිසුරු මඩුල්ලක්. ඒ වගේම අපගේ සාමාජික සාමාජිකාවන්ගේ අංශය වෙනුවෙන්, සහඩ් මුක්තාර් මහතා, පුෂ්පා රණසිංහ මහත්මිය, කැලුම් කලුතොටගේ මහතා, සුදත් පෙරේරා මහතා වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් සහභාගි වුණා.

විධායක අංශය වෙනුවෙන් නව නිපැයුම් තරඟයේ ජයග්‍රාහී අවසන් තිදෙනා වෙත තේරී පත්ව පළමු ස්ථානය ලැබුවේ මංජුල විජේවර්ධන මහතායි. ඒ බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට්ස් ආයතනය වෙනුවෙන් ඉදිරිපත් වෙමින්. වත්සල වාසල මහතා බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය වෙනුවෙන් ඉදිරිපත් වී ජයග්‍රාහී දෙවන ස්ථානය ලබාගනු ලැබුවා. ඒ.සුදරන් මහතා බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනය වෙනුවෙන් ඉදිරිපත් වෙමින් විධායක අංශයේ තෙවන තැන ලබාගනු ලබුවා. බ්‍රැන්ඩික්ස් අපගේ සාමාජික සාමාජිකාවන් සඳහා වූ තරඟ අංශයේ ජයග්‍රාහී පළමු ස්ථානය ලබාගනු ලැබුවේ ඩබ්. එම්. ආර්. කේ ධනවංශ මහතායි. ඒ බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල් සෙන්ටර් වෙනුවෙන් ඉදිරිපත් වෙමින්. ප්‍රියාන් සුමුදු මහතා මෙහි දෙවන ස්ථානය ලබා ගනු ලැබුවේ බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය වෙනුවෙන්. ඒ වගේම එහි තෙවන ස්ථානය බ්‍රැන්ඩික්ස් කොග්ගලින් ඉදිරිපත් වූ ග්‍රේෂන් ලියනගේ මහතාත් ලබාගනු ලැබුවා. ඇඟලුම් ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා මේ සියලු ජයග්‍රාහකයින් ලබාදුන් නව නිෂ්පාදන අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට බ්‍රැන්ඩික්ස් අපි ප්‍රබෝධයෙන්, ජවයෙන් යුතුව සැදී පැහැදී සිටින්නෙමු. එපමණක්ම නොවේ, අකාලයේ සැඟව යන්නට ඉඩ තිබූ මෙවැනි වටිනා දියුණු අදහස්, දැනුම, නිර්මාණශීලී බව එසේ වන්නට ඉඩ නොදී මැණික් කැටයක් සේ කපා ඔප නංවන්නට හැකිවීමම බ්‍රැන්ඩික්ස් සමූහයක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයක් බව ඉතාමත් සතුටින් සිහිපත් කරන්නෙමු.

Facebook
Facebook