මනු දැය පුබුදන්නට නොපැකිලව අත හිත දෙන බ්‍රැන්ඩික්ස් අපේ මෙවර මනුසත්කාරය ව්‍යාපෘතිය සිදුකරනු ලැබුවේ රඹුක්කන ප්‍රදේශය ආශ්‍රිතවයි. මේ මනුසත්කාර වැඩසටහන සරණක් අවැසි වූ මොහොතක ඔවුන්ට පිළිසරණක් වන්නට නිරන්තරයෙන් ඇප කැපවී සිටින ව්‍යාපෘතියක්. ඉතින් 2016 වසරේ දී අරණායක සාමසර කන්දේ ඛේදනීය නායයෑමේ ව්‍යසනයට ගොදුරුව නැවත එඩැල්ලවත්ත වතුයායේ පදිංචි කරවූ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවක් ව පැවති පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලන්නට බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයට හැකිවීම ඉමහත් සතුටකට හේතු වුණා. පවුල් 100කට අධික ප්‍රමාණයක් මෙම මොඩල් විලේජ් ව්‍යාපෘතියෙන් ප්රතිලාභ ලබන බව දැනුම් දෙන්නේ ඉතාමත් අභිමානයෙන්.
මේ පමණක්ම නොවෙයි, රඹුක්කන ප්‍රදේශයේ දුෂ්කර පාසල් දෙකක් වන පුවක්මොටේ මධ්‍ය විද්‍යාලයටත්, තිස්මල්පොළ මධ්‍ය විද්‍යාලයටත් අවශ්‍යව තිබූ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ඉදිකර දීමත් බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයෙන් සිදු කළා. ඒ විතරක් නොවෙයි, එම පාසල්වල අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙත අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ පාසල් බෑග් ලබාදීමත් සිදු කලේ බ්‍රැන්ඩික්ස් අනුග්‍රහයෙන්.
ඒ වගේම රඹුක්කන ප්‍රදේශයට සුවිසල් සේවයක් සපයන රඹුක්කන රෝහලට ද අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට අපි අමතක කළේ නැහැ. ඒ අනුව රඹුක්කන මූලික රෝහලේ 4වන වාට්ටු සංකීර්ණය නවීකරණය කර රෝහලට ලබාදෙන්නටත් අපි කටයුතු කළා. සද්භාවයෙන් සිදු කරන්නා වූ මේ මනුසකාරයන් පිබිදුණු ජනතාවක් වෙනුවෙන් නිරන්තරයෙන්ම සිදු කරන්නට බ්‍රැන්ඩික්ස් අපි ඇප කැප වී සිටින්නෙමු.