ඇත්තටම නුඹ?

අහම්බෙන් හම්බවුණු
හමුවෙලා සිත් රැඳුණු
මතකයි තාමත්
නුඹව..
නුඹේ ඒ රුවම
එදින සිට හැමදාම
ගෙවෙන හැම මොහොතකම
සෙව්වා මම හැමදාම
හැමතැනම..

එදා නුදුටු නුඹේ රුව
තාම මතකයි එදින
යන්තමට සිනාසී
ඔය මුවින් මා හා
කතා කළ වචන ටික
තාම මතකයි හොඳට
ගෙවී ගිය ඒ මොහොත..

මං හොයපු ඒ ඇස්ම
ඒ රුවම
ඇයි නුඹව මැව්වේ
මං කැමති විදියටම
දෙවියනේ!
මෙය නම් හීනයක් ද?
සැබැවින්ම
දින මාස සති ගෙවී
අවුරුද්ද නික්මුණ ද
ඔබ ඉන්නවා තාම
ඒ සොඳුරු මතකවල…

එක්වරක් දකින්නට
ලැබුණොතින්
සැබවින්ම
පුරුදු විදියටම මම
හිනැහෙන්නෙ නුඹ
එක්ක…

පවිත්‍රා නානායක්කාර
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

Facebook
Facebook