ජවය දැනුම සපිරි තරුණ පරපුර වෙනුවෙන්

කෙනෙකුගේ ජීවිතේ සුන්දරම, වටිනාම වගේම අත්දැකීම් ලබා ගනිමින් දියුණු වෙන අවධිය තරුණ අවදියයි. බාධක, කම්කටොලු මැඩගෙන, ආදරය, විරහව විඳ දරාගෙන ජීවිතය ස්වශක්තියෙන් ගෙනයන්නට ධෛර්යයෙන් නැඟී සිටින්නේත්, අසාධාරණය හමුවේ ඒ වෙනුවෙන් නැගී සිටින්නට පෙරලි කරන්නේත් මේ තරුණ ජවය ප්‍රබෝධය නිසාමයි. රටක ජීවනාලිය මේ තරුණ ප්‍රජාවයි. දැනුමින් වගේම මානසිකවත් ශාරීරිකවත් නීරෝගී ජව සම්පන්න තරුණ තරුණියන් රටකට ඉතාමත් වටිනා සම්පතක්. ඉතින් මුලු ලෝකයේම තරුණ තරුණියන් වෙනුවෙන්, ඔවුන්ව සමරන්නට ඔවුන්ට වටිනාකමක් දෙන්නට දිනයක් වෙන් කරල තියෙනවා. ඒ සෑම වසරකම අගෝස්තු 12 වනදා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවියේ දක්වන විදියට ලෝකයේ හරි අඩක්ම වයස 30ට අඩු පුද්ගලයින්. මේ තත්ත්වය 2030 වනවිට 57%ක ප්‍රමාණයක් විය හැකියි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා. ලෝකයේ තරුණ අවධිය වශයෙන් සලකනු ලබන්නේ වයස අවුරුදු 15-24 අතර වයස් කාණ්ඩවල සිටින සියලු දෙනායි.

මෙවර 2024 වසරේ ලෝක තරුණ දිනයේ තේමාව වන්නේ ‘තිරසාර සංවර්ධනයට තරුණයින් සහ ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම’ යි. ලෝකයේ පළමුවරට තරුණ දිනය සමරනු ලැබුවේ 2000 වසරේ අගෝස්තු 12 වනදායි. තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග,බාධක පිළිබඳ අවබෝධය වැඩි කිරීමටත් ඔවුන්ගේ හැකියා වෙනුවෙන් පෙනී සිටින්නටත් මේ තරුණ දිනය ලොව පුරා තරුණ ප්‍රජාව විසින් සමරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ද ලෝකයේ මානසික ගැටලුවලට මුහුණ දෙන්නන් අතර 20%ක්ම තරුණ තරුණියන් වන බව ?. ඒ වගේම ඛේදනීයම කාරණය වෙන්නේ, ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තරුණ තරුණියන්ගෙන් 2/3කට ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතාවන් ඉටු වෙන්නෙ නැහැ. ඒ විතරක් ද 2011 වසරේ කළ ගණනය කිරීම් අනුව කියවීමට හෝ ලිවීමට නොහැකි තරුණ ප්‍රජාව මිලියන 126ක් ලෙස වාර්තා සටහන්වල තියෙනවා.

මෙවැනි බාධක අභියෝග සහිතව රටක අනාගතය ඉදිරියට ගෙන යන්නට සිටින මේ තරුණ තරුණියන් වෙනුවෙන්, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මෙලෙස දිනයක් වෙන්කර කතා කළ යුතුම බව නිසැකයෙන්ම පෙනී යන කරුණක්. ඉතින් ජවයෙන්, ප්‍රබෝධයෙන් සපිරි තරුණ තරුණියන් වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අපේ සුභාශිංෂණ මෙලෙස එක් කරන්නෙමු.

Facebook
Facebook