නිහඬ මෙහෙවරට අපෙන් හරසර

බ්‍රැන්ඩික්ස් සහෝදරත්වයේ
දෑත් දම්වැලට
ශක්තියේ දෑත වූ ඇයට…
“ දිලිනි කියූ විගස ඇයව නොහඳුනන කෙනෙකු බ්‍රැන්ඩික්ස් සමූහය තුළ නොමැති තරම් ය. ඉතින් මේ ඇය ගැනයි…

2008 වසරේ දෙසැම්බර් මස බ්‍රැන්ඩික්ස් රත්මලාන සමඟ එකතු වන ඇය නමින් දිලිනි සනෝජා. එවකට යෞවනවියේ හීනි පෙත්තේ සිටි ඇය සිය ප්‍රථම රැකියාව ලෙස බ්‍රැන්ඩික්ස් සමූහය තෝරාගනියි. Fabric Technology Assistant Fabric Inspection ලෙස සිය රැකියා දිවිය අරඹන ඇය 2017 වර්ෂයේ Centralized Development කණ්ඩායම සමඟ එක්ව සිය රැකියාවේ වෙනමම පැතිකඩකට මුල පිරුවාය. එලෙස 2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා Assistant – Front End – Pd Merchandisers ලෙස සිය කණ්ඩායමේ අභියෝගාත්මක පැතිකඩයන් අතික්‍රමණය කරමින්, රැකියාවේ දුෂ්කරම කාර්තූන් පවා ඉතා සාර්ථක ලෙස විජයග්‍රහණය කළාය. 2024 වසරේදී බ්‍රැන්ඩික්ස් කැම්පස් මඟින් පිරිනමන Clothing Manufacturing ඩිප්ලෝමාව සාර්ථක ලෙස නිමකරන ඇය එම වසරේම බ්‍රැන්ඩික්ස් සමූහය මඟින් පවත්වන P.A.C.E. වැඩසටහනේ ද කැපී පෙනෙන සාමාජිකාවක් විය.

බ්‍රැන්ඩික්ස් සමූහයේ ක්‍රියාකාරීම සාමාජිකාවක් වෙමින් රැකියාවටම පමණක් සීමා නොවෙමින් බ්‍රැන්ඩික්ස් සාමාජික සමිති සමාගම්වලද ඉහළ නිලතල දරමින් බ්‍රැන්ඩික්ස් සමූහයට ඇයගේ සහයෝගයේ යුතුකම නොපිරිහෙලා ඉටුකළාය. නිතර සිනාමුසු මුහුණින් සියලුදෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඇය, සිය වසර 16ක සේවා කාලයක් 2024 වසර වන විට සනිටුහන් කරනු ලැබුවා. ඔබට අපගේ සුභ පැතුම්.

Facebook
Facebook