දක්ෂයින් රොද බඳින රසදිය කුසලානය

බ්‍රැන්ඩික්ස් තරුණ තරුණියන්ගේ තරුණ ජවය, ප්‍රබෝධය හොඳින්ම දැක බලාගත හැකි තරඟාවලියක් විදියට රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය අපිට හඳුනා ගන්න පුලුවන්. රට වටින්ම බ්‍රැන්ඩික්ස් සහෝදරත්වයේ කණ්ඩායම් රොද බැඳගන්නා රසදිය කුසලාන වොලිබෝල් අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 15 වන දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 2011 වසරේ සිට අඛණ්ඩව වසර 9ක්ම මේ රසදිය කුසලාන වොලිබෝල් තරඟාවලිය පැවැත්වුණා . නමුත් ඉන් පසු වසර 3-4ක නිහැඬියාවකින් අනතුරුව මේ වසරේදී ඉතාමත් උද්‍යෝගයෙන් යුතුව දක්ෂ, උනන්දු තරුණ කණ්ඩායම් රට වටා සිටින බ්‍රැන්ඩික්ස් ආයතනවලින් තෝරාගෙන උද්වේගකර තරඟාවලියක් පවත්වන්නට අපි ජවයෙන්, ප්‍රබෝධයෙන් යුතුව බලා සිටිනවා.

සුවිශේෂීවූත්, නම්‍යශීලීවූත් ද්‍රවයක් වූ මේ රසදිය වගේම වටිනා සමූහයක් වුන බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් සියලු දෙනා ඉතාමත් උනන්දුවෙන්, ආසාවෙන් ඇඟිලි ගනිමින් සිටින වසරේ ක්‍රීඩා මංගල්‍යය වන රසදිය කුසලානය බ්‍රැන්ඩික්ස්හි සිත් ඇඳ බැඳ ගත් තරඟාවලියක්. ඉතින් මේ සඳහා සහභාගි වන සියලු කණ්ඩායම්වලට ජයෙන් ජය ලබන්නටත් දිරිය සහ ජවය ලැබෙන්නටත් සුභ පැතුම් එක් කරන්නෙමු.

Facebook
Facebook