සංසාරේ...

දුවනවා දුවනවා
හතර අත දුවනවා
වැටි වැටී තැවි තැවී
ආයෙමත් දුවනවා
හරියකට නින්ද නැති
කන්නවත් වෙලා නැති
ඒත් මේ
ඔලුගෙඩියෙ
මහමෙරුව බරක් ඇති
නිල් මොණර කොළවලින්
හැඩකරන සිහින ඇති
ඒ සිහින උපදින්න
වැටි වැටී
දුවන හැටි
මුළු ඇඟම සැකිලි වී
දිරාගිය පරඬැලක්
අන්තිමේ දී
පණ නැතුව
අනේ!! ඇද වැටුණ හැටි
ඒත් බෑ
නවතින්න
නැවතුණොත් උරුමයම
පැරදුමක කරුමයකි

පවිත්‍රා නානායක්කාර
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

Facebook
Facebook