ඔයා ඔයාට කොයිතරම් ආදරේද...

අපි ජීවිතය පවත්වාගෙන යද්දී අපි ළඟ රැදෙන මිනිසුන්ගෙන් ආදරය, අවධානය, සෙනෙහස බලාපොරොත්තු වෙනවා. අපි හරි ආසයි අපිට තව කෙනෙක් ආදරයෙන් සලකනවා කියන හැඟීම විදින්න. ඔවුන්ගෙන් ලැබෙන ආදරයට පෙරළා ආදරය කරන්න. ඒත් අපි අපේ සතුට ඒ විදිහට වෙන කෙනෙක් මත තියනවා කියන්නෙම දවසක මොන යම් හෝ දුකකට ඒක හේතුවක් වෙනවා.මොකද බැඳීම්, අපි ඇසුරු කරන මිනිස්සු වෙනස් නොවී ඉන්නවා කියන්න අපිට බෑ. අවස්ථාව අනුව, ඔවුන්ගේ වුවමනා එපාකම් අනුව ඔවුන් කාලයත් එක්ක වෙනස්කම්වලට ලක්වෙනවා. එතකොට අර අපිට කලින් ලැබුණ ආදරය ඒ විදිහටම ඒ අයගෙන් ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

ඒත් මොනම හේතුවක් නිසාවත් ඔයාව දාලා යන්නෙ නැති, මඟහරින්නෙ නැති එකම එක කෙනෙක් ඔයාගෙ ජීවිතේ ඉන්නවා කියලා ඔයාලා විශ්වාස කරනවද? ඒ කෙනා තමා ඔයා. ඔයා ඔයා වෙනුවෙන් අසීමිතව කැපවෙනවනම්..ඔයා ඔයාව ආදරෙන් බලාගන්නවනම්..ඔයා ඔයාව විශ්වාස කරලා ඔයාට වටිනාකමක් ලබාදෙනවනම් ඔයාගෙ ගමන නවත්තන්න කාටවත් බෑ.
අපිට අනෙකාගෙන් නොලැබෙන,අනෙකාගෙන් බලාපොරොත්තු වෙන ආදරය, සෙනහස, අවධානය ඔයා විසින් ඔයාටම ලබාදෙන්න. විශ්වාස කරන්න ඔයාගෙ හිතට දැනෙන කලකිරීම් අඩුවෙයි. පීඩනය අඩුවෙලා යයි..

අපි අනෙකාට අසීමිතව ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරලා ඉමු. එය හුදු ආත්මාර්ථකාමීත්වය නොවේ. එය ඔබ විසින් ඔබව සතුටු කරගනිමින් ඔබ වටා ඉන්න මිනිසුන්ටත් අසීමිතව ආදරය කළ හැකි පුංචි මැජික් එකක් වගේ දෙයක්.

හර්ශනී විතානගේ
මනෝ උපදේශිකා
මිනුවන්ගොඩ ඉන්කියුබ් ආයතනය

Facebook
Facebook