බ්‍රැන්ඩික්ස් සෙවණේ පිබිදුණු ඩිජිටල් සාහිත්‍යය

සමාන හෘදයක් ඇති තැනැත්තා යන්නෙහි තනි වචනය තමයි සහෘදයා කියන එක..එතකොට සහෘදයාට සමාන හදවතක් තියෙන්න ඕනේ කා සමඟ ද ?

යම් නිර්මාණකරුවෙකු කවියක් නිසඳැසක් හෝ සාහිත්‍යාංගයක් කරන්නේ නම් එය රස විඳීමට හා විචාරය කිරිමට සමත් රසයෙන් ඉහල පාඨක පිරිසක් සිටිය යුතුමයි..සමාන හදවත් ඇති ලේඛක හා පාඨක පිරිසක් බිහිවන්නේ අන්න එහෙම..

ඕනෑම ශිෂ්ඨාචාරයක් හා සභ්‍යත්වයක් ඇති රටක සාහිත්‍යය උසස් තත්ත්වයක පවතින්න ඕනේ.

අපිත් ඒ වගේම ශිෂ්ඨාචාරගත වුණ පිරිසක්..

අනුරාධපුර යුගයේ සිට දඹදෙණි කුරුණෑගල කෝට්ටේ වැනි සාහිත්‍ය යුග ඊට ඇති තරම් සාක්ෂි දරනවා.

කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ රන් යුගය විදිහට බැබලෙන්නේ ඒ කාලයේ බිහිවුන විශිෂ්ට කෘති නිසාමයි..

සාහිත්‍යය නිසා පාඨක හිත් රසයෙන් කුල්මත් වෙනවා. සංවේදී වෙනවා. රස විඳීමේ හැකියාව දියුණු වෙනවා, භාෂාව සංස්කෘතිය පෝෂණය වෙනවා..

ඒත් අපි දැන් සාහිත්‍යයෙන් ඈත් වෙලාද ?

නැහැ කොහොමත් නැහැ..

සාහිත්‍යය පරිශීලනය කරන විදිහ වෙනස් වෙලා.

නව්‍යකරණය වුණ තාක්ෂණය අපිට නිර්මාණ බිහිකරන්න අලුත් විදිහක් පෙන්වලා දීල තියෙනවා.

අලුත් නිර්මාණ බොහෝ දෙනෙකුට බලන්න පුළුවන් විදිහට ඩිජිටල් අවකාශයක් හැදිලා තියනවා.

පිබිදුණු බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් කියන්නේ අර මුලින් කිව්ව සමාන හදවතක් ඇති සහෘදයන්.

එයාලා නිර්මාණකරණයේ අති දක්ෂයන්.

ඒ නිසා තමයි Viyaman.LK නමින් සයිබර් අවකාශයේ ඉඩක් ඔවුන් වෙනුවෙන් වෙන් වන්නේ.

දවසින් දවස අලුත් වෙන, හැඩ වෙන සයිබරයේ වියමන ලස්සන කරන්නේ පෝෂණය කරන්නේ අපේම සහෘදයන් වීම අපේ වාසනාවක්.

ඉතිං මේ සාහිත්‍ය මාසයේ තවත් සුන්දර නිර්මාණ රැසක් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා.

එහෙනම් ඔබ සැමට ජය.
මොහාන් සුරවීර

Facebook
Facebook