සඳවත තවම අහසට වැඩියේ නැද්ද
හිතවත නුඹට ප්‍රේමය ලැබුණේ නැද්ද
මුනිවත රකින කාලය ගෙවුණේ නැද්ද
තවමත් ඔබට ඒ බව දැනුණේ නැද්ද
හිරුරැස් හෙටත් කඳු මුදුනින් වැටේවී
සරතැස නිවන් සිත සෙනෙහෙන් පිරේවී
සියවස් ගණන් දිගු ලෙසකින් දැනේවී
සහසක් පැතුම් සිත පුබුදන් නැඟේවී
දිදුලන මැණික් නුඹෙ උරුමෙට ලැබේවී
සුපිපුන කුසුම් නිති සුවඳම ගෙනේවී
හමමින් පවන් ගත සුවයම දැනේවී
ලැබුනොත් දෑත දින සතුටින් ගෙවේවී
ප්‍රේමය නුඹට ම මා වෙන් කරන්නද
කාලය ගෙවී ලැබෙනා තුරු සිටින්නද
දාරක සෙනේ හදවතෙ පැල කරන්නද
පිවිතුරු හදේ කවියක් යලි ලියන්නද
නොදුටුව සිහිනෙ නුඹ හා මා දකින්නද
නොකිලිටි ලෙසම සිත දෝතින් පුදන්නද
නොසැලෙන තැනක ප්‍රේමය පැල කරන්නද
නොමියෙන පෙමක අරුමය මා මවන්නද
තිවංක එස් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල