ඔබට කළ නොහැක්කක් නොමැත

ජිවිතේ මුහුණ දෙන්න වෙන සමහර අවස්ථා වලදී බොහෝ වෙලාවට අන් අය කියන දේවල් ඒ අය අපි ගැන හිතන දේවල් ගැන හිතලා අපි හිතින් දුක්විදිනවා. ඒ වගේ අවස්තාවලදී අපි අපිවම විනිශ්චයට ලක් කරන්න උත්සාහ කරනවා. ඇත්තටම අපි අපිව පිළිගන්නට උත්සාහ කරන්නට පවා බය වෙනවා. බොහෝවිට එවැනි අවස්ථාවලදී අපි විසින් අපි ගැනම ස්වයං සැකයක් ඉස්මතු කරගන්නවා. ඉතින් ඒ නිසාවෙන් අපිට අපේ ජිවිතයේ අත්දකින්න තියෙන ගොඩක් අවස්ථාවන් වගේම අපිට ලැබෙන්න තිබෙන ජයග්‍රහණ අපිට මග ඇරෙන්න පුළුවන්.

ඉතින් ඇත්තටම ඔබ සිතන පතන දේ, සිතන පතන විදිය වගේම ඔබට දැනෙන දේ පාලනය කරන්නේ ඔබ විසින්ම බව අපිට අකමැත්තෙන් වුවත් පිළිගන්නට වෙන ඇත්තයි. ඔබ අන් අය ඔබ ගැන හිතන දේවල් කියන දේවල් මත විශ්වාසය තබන සෑම අවස්ථාවකදීම ඔබට ඔබ ගැන තිබෙන විශ්වාසයේ බලය ඔබ විසින්ම අත්හරිනු ලබනවා. එවැනි අවස්ථාවල ඔබේ මනසේ පැන නගින ඍනාත්මක සිතුවිලි සමුදාය නිසාවෙන් ඔබට ඔබ ගැනම ගොඩනැගෙන්නේ වැරදි අර්ථකතයක්.

ඒ නිසා පළමුව ඔබව විශ්වාස කරන්න. මිනිස්සු විවිධාකාරයි. සෑම පුද්ගලයෙකුටම සුවිශේෂී වූ හැකියාවන් වගේම වටිනාකමක් තිබෙනවා. ඒ නිසා ඔබ තරම් ඔබ ගැන දන්නා වෙන කිසිවෙකුත් නොමැති බව වගේම ඔබ නිර්භීත කෙනෙකු බව සැබවින්ම පිළිගන්න. ඔබ ඔබට ආදරය කරන්න. විශ්වාස කරන්න ! ඔබට කළ නොහැක්කක් නොමැත…

මනෝ උපදේශිකා
මිනුලි ප්‍රනාන්දු

Facebook
Facebook