කතාවක් අහල තියෙනවද ලෝකෙ තියෙන වටිනම සැපත නිරෝගී සැපත කියලා… ඇත්තටම මොකක්ද මේ නිරෝගීකම කියන්නේ? පුද්ගලයෙක් කායිකව වගේම මානසිකවත් රෝගී තත්ත්වයන්ගෙන් තොරයි නම් නීරෝගි, එහෙම නැත්නම් සෞඛ්‍යසම්පන්න පුද්ගලයෙක් විදියට හඳුන්වන්න පුලුවන්. පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාට හිසරදයක්, උණ හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් හැදුන ගමන් දොස්තර කෙනෙක් හම්බවෙලා ඉක්මනටම බෙහෙත් ගන්නවා. තුවාලයක් හැදුනොත් ඒක සුව වෙනකම් ඕන කරන ප්‍රතිකාර කරනවා. මේ සේරම අපේ ශරීරයට ලෙඩක් හැදුනම. හැබැයි, අහල තිබුණද ඔයාගෙ ශරීරයට වගේම මනසටත් ලෙඩ හැදෙනවා කියලා? සමහරවිට දැනගෙන ඉන්න ඇති, එහෙමත් නැත්නම් ඔයා ඒ ගැන වැඩි අවධානයක් දුන්නේ නැතිව ඇති. ඔයා දන්නවද? ශරීරයට හැදෙන ලෙඩ වගේම වැඩිපුර තරහ යන එක, නින්ද යන්නේ නැති වීම, ජීවිතේ එපා වෙලා වගේ දැනෙන එක, එදිනෙදා දේවල් ඉක්මනට අමතක වීම මානසික ගැටලු විදියට හඳුන්වනවා කියලා. මේ වගේ ගැටලුවලින් කවුරුහරි කෙනෙක් පීඩා විඳිනවා නම් කාලයක් ගතවෙනකොට මේවා විශාදය, කංසාව වගේ මානසික රෝග බවට පත්වෙනවා. ඒ වගේම තමා අවසානයේ වෙන්නේ දන්නෙම නැතිව ඔයා ශාරීරිකව වගේම මානසිකවත් රෝගී පුද්ගලයෙක් වෙන එක. ඒ විතරක් නෙවෙයි, රැකියාව පවුල් ජීවිතය, පුද්ගල සම්බන්ධතා වගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සියල්ල අවුල් සහගත තත්ත්වයකට පත් වෙන එක සිද්ධ වෙනවා.
ගොඩක් වෙලාවට මානසිකව කෙනෙක් මේ වගේ ගැටලුවලින් පීඩා විඳින්නේ තමන්ගේ ප්‍රශ්න කියලා හිත නිදහස් කරගන්න විශ්වාසවන්ත කෙනෙක් හරි, සේවාවක් හරි නැති වීම. ඒ වගේම තමා අවසානයේ වෙන්නේ දන්නෙම නැතිව ඔයා ශාරීරිකව වගේම මානසිකවත් රෝගී පුද්ගලයෙක් වෙන එක. ඒත් දැන් ඔයා දන්නවා මානසිකව නිරෝගීව සිටීමේ වැදගත්කම. මේ ගැන අද අපි කතා කරන්නේ සුවිශේෂී හේතුවක් නිසා. ඒ තමා ඔක්තෝබර් 10 වෙනිදට යෙදෙන “ ලෝක මානසික සෞඛ්‍ය දිනය” . මුලු ලෝකයක් අද මේ ගැන කතා කරනවා. ඒ වගේම ඔයා යම් ගැටලුවකින් පීඩා විඳිනවා නම් ඒ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර වගේම මනෝ උපදේශන සේවාවන්ට යොමුවීමේ අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බ්‍රැන්ඩික්ස් ඔයාලටත් ආයතනය තුළම මේ සේවාවන් ලබා ගැනීමේ පහසුකම් ලබා දී තිබෙනවා. ඔයාට හිතට වදදෙන පුංචිම හරි ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙනවා නම්, ඔයා වැඩ කරන ආයතනයේ මනෝ උපදේශිකාව හමුවන්න වෙලාවක් වෙන්කර ගන්න ප්‍රමාද කරන්න එපා. ඔයාට ඇහුම්කන් දෙන්න ඔවුන් හැමවිටම සූදානමින්. ඔයා ඔයාගෙ නිරෝගීකම ගැන හිතනවා නම්, ඔයාගේ අවට ඉන්න සමීපතමයන්ගේ සතුට දියුණුව ගැන හිතනවා නම් ඒ වෙනුවෙන් ඔයා වෙහෙසෙනවා නම් සේරටම කලින් ඔයා, ඔයාගේ මනස සුවපත්ව තියා ගන්න. ඔයාගෙ සතුට වෙනුවෙන් කැප වෙන්න. එතකොට ඔයා වගේම ඔයාගේ අවට සිටින හැමෝටමත් නිරෝගීව වගේම සතුටින් ඉන්න පුලුවන්.
රුවනි ජයලත්
මනෝ උපදේශිකා