මවකගෙ ගුණ නැත නිම්මා

කවියක් ලියමි කියනට නුඹෙ ඇති වරුණා
සසරක් නිවෙන තරමට හදවතෙ කරුණා
දිනකර ලෙසම නිවසට ගෙනෙමින් අරුණා
පපුවක් නිතර දරු ළඟ සෙනෙහෙන් පිරුණා

තෙපලන වදන් සවනට මී බිඳු වැනිය
සැනසුම උතුම් දිවියට බෝ මැඩ වැනිය
පැහැදුනු සිතුම් හෙටකට කිරුළක් වැනිය
රැකවල් තැනුනු පිංබර පිරිතක් වැනිය

දහසක මෙහෙය තනිවම ඉටුකලෙ අම්මා
වෙහෙසට මදක් නතරව නොසිටියෙ අම්මා
පහනට සිලක් තරමට එළියකි අම්මා
මහමෙර උනත් දරුවට ගෙනදෙයි අම්මා

මිහිපිට දෙවිඳු ලෙසමයි පින්බර අම්මා
සෙනෙහස ගලන ගංතෙර නුඹමයි අම්මා
සහනය ගෙනෙන සුවබර පවනකි අම්මා
අහසට උසය මවකගෙ ගුණ නැත නිම්මා

තිවංක එස් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල

Facebook
Facebook