මව්පිය සෙනෙහස

කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට
පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද
මළ මෝහිණී මහ පාරේ වැහැරිච්ච
අමු හෙවනැල්ල අපෙ අම්මා බුදු වෙච්ච…

දහ අට කිල්ල ගේ මුල්ලේ තනි රැක්ක
මඟුලක් අස්සෙ මළ ගෙදරක් ගිණි ගත්ත
සේසත උඩින් දරු දුක දෑවැදි දුන්න
උන්මන්තක පියෙකි දරු දුක නෑවිච්ච..

සක්කිලි කිය කියා නව නිංගිර අහ ගත්ත
දාහක් බුදුන් ළඟ සැනසුම නැති වෙච්ච
පත්තිනි සළුව නෑ උඩුකය වැහැරිච්ච
දරුවන් උරා බී ඇත ඇගෙ සාරය ඕස…

ඇට කටු කුඩු කරන් දෝසය පෑරිච්ච
සීසීකඩ කරන් සෝ ගිණි ඇවිලිච්ච
දරුවන් නිසා අහසක් සේ පේ වෙච්ච
මව්පිය සෙනෙහසින් දුරුවෙයි හැම දෝස

M.H. සුරංජිකා ධනංජනී මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම

Facebook
Facebook