ප්‍රේමය

මල්වලට නොබැන ඉන්නම්
ඒක සුබ නිමිත්තක්
එක වගේ නූනෙ ඇයි නොඅසන්න
ඒක උන්ගේම කැමැත්තක්
ආදරේ කියන්නෙත්
ජීවිතෙන් එක පැත්තක්
මගෙ ලොවේ නුඹ කියන්නේ
මඟ හැරුණු ඇත්තක්

මාළුන්ට බෑ තමයි
ගස් දිගේ නඟින්න
තිනර්වලටත් බැරිය
ඇතැම් ඔයිල් පැල්ලම් මකන්න
කන්ද මුදුනට නැඟ ගත්තෙ
ලෝකයක් දකින්න
නුබට තිබුණා මා සන්තුක
නොවන වග වටහ ගන්න

බෙහෙත් කළ නොහැකි තැන්වලට
ඇති වුණා ගැඹුරුම සීරුම්
පිරිමැදුම්වලදී පවා
ගෙන දුන්නෙ ඒවාට පෑරුම්
එකම පරිච්ඡේදයකත් හමුවුණා
විවිධාකාර තේරුම්
ඇත්තමයි ප්‍රේමිය
ප්‍රේමයට වඩා බැරෑරුම්

C. තිවංක ශ්‍රීමාල් දිසානායක
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය

Facebook
Facebook