කඳු හිසට හිස තියන්
හිරු දෙනෙත් පියවෙනා
තරු කෙවෙනි යට ඉඳන්
නුඹෙ දෙනෙත් මුමුණනා
නීල ගුවනැබ තුරා
තරු පොකුරු අහුරනා
මුදු පවන් රැළි මතින්
නුඹෙ සුවඳ මුහුවෙනා..
සුසුම් උණුසුම රැඳෙන
කොපුලතර දැවටෙනා
නුඹයි මගෙ හැඟුම් පෙළ
සිත් පුරා තෙරපෙනා…
රිවි රැසින් නැඟ එනා
දසත සුවඳින් වෙලෙන
මමයි තඹරත නුඹේ
සෙනේහෙන් පිබිදෙනා…
තරිඳු කිරණේ මැවෙන
ධවල පැහැයෙන් දිළෙන
මමයි කුමුදුව නුඹේ
විල් තෙරේ සැනහෙනා..
හිමිදිරියෙ කුසුම’තින්
ඉහිරෙනා පිණි බිංදු
සුරගුරේ රැසින් එසැනින් මිදෙන සේ
නුඹෙ සිනාරැල් තුළින්
මගේ සෝ සුසුම් වැල් නික්මෙනා..
සත්තකයි නොදන්නෙමි ප්‍රේමයේ මිහිර නම් ඒ මැ’යි…
ඉඳින් අත්දකින්නෙමි
පපුතුරේ විඳින්නෙමි
සත්තකින් රැඳෙන්නෙමි
ඉඳින් ප්‍රේමය නම්
නුඹමැයි…
ගෝතමී
බ්‍රැන්ඩික්ස් රඹුක්කන.