අපි ජීවිත කාලෙ පුරාවටම කරන්නේ දෙයක් ඉගෙන ගන්න එක. හෝඩිපොතේ පාඩමෙන් පටන් අරගෙන රසායන විද්‍යාව, දර්ශනවාදය වගේ බැරෑරුම් විෂයන් ගැන ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, සාමාජයේ මිනිස්සු ආශ්‍රය කරලත් අපි දේවල් ඉගෙන ගන්නවා. දැන් නම් ඉතින් දැනුම කියන දේ අතේ දුරින් තියෙන පරිගනකයෙන්, ජංගම දුරකතනයෙන් වුණත් ඉගෙන ගන්න පුලුවන්නේ… නූතන ලෝකයත් එක්ක හරි හරියට ගැටෙන අපි අනිවාරෙන්ම ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා කියලා ඔයා දන්නවද?. ඒ තමයි සයිබර් ආරක්ෂාව.
දැන් කාලෙ තරුණ අය විතරක්ම නෙවෙයි ආච්චිලා සීයලා පවා අන්තර්ජාලය කියන දේ ගැන අවබෝධයක් තියෙන අය. පොඩිම ළමයින්ව නළවා ගන්නේ ජංගම දුරකතනයක් ඔවුන් අතට දීලයි. ඉතින් මෙච්චර තාක්ෂණය ගැන දන්න අපේ රටේ සිදුවන සයිබර් වංචා නම් සෑහෙන්න තියෙනවා. අපේ ජංගම දුරකතනයට, ටැබ්ලට් එකට, පරිගනකයට මේ විදියට වංචාවන් සිදුකරන අයට ලෝකෙ ඕනෙම තැනක ඉඳලා ඇතුල්වෙන්න පුලුවන්. එහෙම ඔයාගේ උපාංගයකට ඇතුලු වුණාට පස්සේ ඒකෙ තියෙන ඔයාගෙ බැංකු ගිනුම් විස්තර, හැම පාස්වර්ඩ් එකක්ම හොරකම් කරලා ඔයාව බ්ලැක් මේල් කරන්නත් පුලුවන්. මුදල් කප්පම් ගන්න වර්තමානයේ ගොඩක් වෙලාවට මේ ජංගම දුරකතනවලට එන මැසේජ්, ඊමේල් වලින් මේ වංචාකරුවන් කටයුතු කරනවා. මේ නිසා කිසිම විටෙක ඔබ නොදන්නා කෙනෙකුට ඔබේ බැංකු ගිණුම් විස්තර, වෙනත් ෆේස්බුක්, ඊමේල් වැනි ඒවාගේ පාස්වර්ඩ් ලබා දෙන්න යන්න එපා.
මේ විතරක් නෙවෙයි, පොදු ස්ථානවල තිබෙන Wifi සම්බන්ධතාවයන් භාවිත කිරීමේදීත් ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ හරහා ඔබේ බැංකු ගිණුම්වල පාස්වර්ඩ් සහ ඊමේල්වල පාස්වර්ඩ් බෙදා ගැනීම සිදු නොකිරීමත් ඔබේ සයිබර් ආරක්ෂාවට වඩාත් සුදුසුයි. ඒ වගේම ඔෆිස්වල දී සිද්ධ වෙන පොදු දෙයක් තමයි ඕනෑම පෙන් ඩ්‍රයිව් එකක් තමන්ගේ පරිගනකයට ඇතුල් කිරීම. මේ ක්‍රියාව නම් ඉතාමත් භයානකයි.. මොකද විවිධ වෛරස් ඒ හරහා පරිගනකයට වගේම මුලු ආයතනයේම පරිගනකවලට ඇතුල් වෙන්න පුලුවන් නිසා. මේ වගේම ඔබේ බැංකු ATM කාඩ්පතෙහි ඡායාරූප නොදන්නා කිසිම කෙනෙකුට තබා දන්නා හඳුනන අය සමඟ පවා බෙදා ගැනීමෙන් වලකින්න ඕනේ. මොකද එක් තප්පරයකින් ඔබ උපයාගත් මුදල් සියල්ල ඔබට අහිමි කරන්න වංචාකරුවන්ට පුලුවන් නිසා. ඒ වගේම බැංකු ATM කාඩ්පත් තිබෙන ඔබ බැංකුවෙන් ගනුදෙනු පිළිබඳ තොරතුරු ගන්න ඔබට එවන මැසේජ් එක එන විදියට ඔබේ ජංගම දුරකතනයට පහසුකම් සලසා ගැනීමෙන් තමන්ගේ ගිණුම් ගැන පරික්ෂාවෙන් ඉන්න පුලුවන්.
මේ හැමදේටමත් වඩා වැදගත්ම කාරණය තමයි, අපි පොදු ප්රවාහනයක දී පෞද්ගලික දුරකතනය භාවිත කිරීම ගොඩක් ලොකු අවධානයෙන් කරන්න ඕනෙ දෙයක්. මේකෙන් සිද්ධ වෙන්නේ ඔබේ මැසේජ්, කෝල් ගැන, ඔබ කතා කරන දේවල් ගැන ඔබේ සමීපතමයින්ගේ දුරකතන අංක ගැන අනවශ්‍ය පුද්ගලයින් දැන ගන්න එක. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මේ ගැන ඔබේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. මෙන්න මේ වගේ නව ලෝකයේ මෙවලම් උපකරණ භාවිත කරන ඔබ වඩාත් ආරක්ෂාකාරී වීමෙන් ඉන් සිදුවිය හැකි අනවශ්‍ය බලපෑම් අවම කරගන්න පුලුවන් වෙනවා.