හරි පිරිමැස්මෙන් අරපිරිමැස්මට - බලශක්තිය !

ලෝකයේ බලශක්තිය කියන සම්පත වඩාත් වටිනාම සම්පතක් බවට පත් වී තිබෙනවා. මේ බලශක්තිය නිර්මාණය කිරීමේ ප්‍රධානම ප්‍රභවය වෙන්නේ පොසිල ඉන්ධනයි. ඒවා නැවත නැවත නිර්මාණය නොවන නිසා ලෝකය තුළ බලශක්තිය පිළිබඳ අර්බුධයක් ඇතිවෙලා තිබෙනවා. සූර්යයාගේ ආලෝකය වැනි වෙනත් විකල්ප බලශක්ති ප්‍රභව තිබුණත් ඒවා පොසිල ඉන්ධන තරම් භාවිත කිරීමත්, හැසිරවීමත් අපහසු නිසා සැබවින්ම බලශක්තිය නැවත උත්පාදනය පිළිබඳ ගැටලුවක් පවතිනවා.

මේ හේතු නිසා මුලු ලෝකයේම මේ වනවිට බලශක්ති අර්බුධය දිනෙන් දින ඉහළට යමින් තිබෙනවා. විදුලිය කියන්නේ මේ බලශක්ති අතරින් වඩාත්ම ඉල්ලුමක් තිබෙන බලශක්තියක්. අදවන විට ලංකාවේ විදුලිය භාවිතයේ අරපරෙස්සම පිළිබඳව රජයෙන් නිතර දැනුවත් කිරීම, මේ බලශක්තියේ ඉල්ලුමත් වටිනාකමත් මැනවින් කියාපාන උදාහරණයක්. ඉතින් වගකීම් සහගත පුරවැසියන් විදියටත්, මුදල් හා බලශක්තිය ඉතුරු කරගැනීමට විසඳුමක් විදියටත් අපි විදුලි බලය ඉතාමත් අරපරෙස්සමින් භාවිත කල යුතු වෙනවා. ඒ සඳහා,

අනවශ්‍ය විදුලි පහන්, පංකා නිවා දැමීම.
වායු සමනය පිටට නොයන විදියට දොර ජනෙල් නිසි පරිදි වසා දැමීම
විවේක කාලයේදී මැෂින් ක්‍රියා විරහිත කිරීම.
පිරිසිදු කිරීමේ කටයුතුවලදී අත්‍යවශ්‍ය නම් පමණක් කම්ප්‍රෙශර් එයාර් භාවිත කිරීම.
LED විදුලි පහන් භාවිත කිරීම.

වැනි සුලු දේවල්වලින් විශාල මුදලක් වගේම බලශක්තියක් ද ඉතිරිවනවා. ආර්ථිකමය වාසිත් අත්වෙනවා. ඉතින් මේ විදුලිය සුරැකීමේ ක්‍රම ඔබේ නිවසටත්, ආයතනයටත් එක හා සමානවම පුරුදු පුහුණු කරගතහොත් ඉන් ලැබෙන ප්‍රතිලාභ ඔබට පමණක් නොවෙයි මුලු රටටමත් උපකාරයක් වනු ඇති.

Facebook
Facebook