රන්වැලියට උඩින් පායන පුරහඳේ එළියයි
මහා බෝධියේ ළදලු පත් සිප හමායන සුවයයි
කලා වැව් දිය සේම සැමකල් සදාතන සිසිලයි
මගේ අම්මේ නුඹේ ළඟ මට තවම කිරි සුවඳයි
මහමෙරක් සේ පියාණෙනි පෙම සිතා ගන්නට බෑ
කලු ගලක් සේ පෙනෙන හිතයට ඉඩක් ගන්නට බෑ
ලේ විලක් කිරිකර නොදුන්නට සෙනෙහෙ මනින්නට බෑ
බුදු කෙනෙක් හැර නුඹේ ගුණයට සම කරන්නට බෑ
තබා පියවර පිය නඟන්නට නුඹ දෙපළ මට සවියයි
වැටෙන හැමවර නැගිට ගන්නට ලබා දුන් දිරියයි
මගේ දුක ළඟ නුඹේ නෙතු අග තෙමාලූ කඳුලයි
හිනා වෙන්නට කියා දුන්නේ ඔබේ නෙතු සඟලයි
දරා දස මස ළයෙන් තුරුලට පොවා රැකුමට ඇති
දොවා ලේ කිරි පොවා මා කුස නිතර පුරවන් ඇති
දරාගත් දුක සදාකල්හිම මෙමාවත් අනේ දන්නැති
නවා මා හිස මවගෙ පාමුල වඳිමි ඒ පින මට ඇති
හෙලා දහදිය කඳුලු මිහිකත තෙත් කරන්නට ඇති
යවා මා රජ පුටුව වෙත නුඹ දුකම වළඳාගන්න ඇති
තනා මා ලොව සිනා සී නුඹ මදෙස බලමින් ඉන්න ඇති
පියාණෙනි පා කමල වඳිනෙමි ඒ පිනම මේ මට ඇති
G.H.A ශිරාණි
බ්‍රැන්ඩික්ස් කොග්ගල.