අනාගතයේදී ඔබ කවුරුන් වෙන්නද කැමති කියලා ගුරුවරු ඔබගෙන් ඇසුවා ඔබට මතක ඇති’ එවිට එහා පැත්තේ යාලුවා දුන්න පිලිතුරම ඔබ දෙන්න ඇති’ එහෙමත් නැතිනම් ඒ යාලුවා පැවසූ දෙයට වඩා යම් දෙයක් කියන්න ඔබ උත්සහ කරන්න ඇති’ කෙසේ නමුත් අදත් ඔබ වෙනසක් නැතිවම තවත් කෙනෙකුට අවශ්‍ය විදියට ජීවත් වෙනවා විය හැකියි’
වර්තමානය වන විට ඔබ ජීවත්විය යුතු ආකාරය” හැසිරිය යුතු ආකාරය තීරණය කරන තීරකයන් වී ඇත්තේ මේ සමාජය සහ වටපිටාවයි’ ඔබේ සමීපතමයන්ට අවශ්‍ය විදිහට ජීවත්වන කෙනෙක් බවට ඔබ නිරායාසයෙන්ම පත්වෙලා’ ඔබේ ජීවිතය තවත් කෙනෙකුන් විසින් නටවන රූකඩයක් වී ඇති බව ඔබට නොතේරෙන්නේ මන්ද@
ඔබ අඳින පළඳින විදිහ” කතා කරන විදිහ” කරන රැකියාව ආදී මේ සියලු දේවල් තීරණය කරන්න අවශ්‍ය ඔබයි’ ඔබ වටා සිටින පිරිස සතුටු කරවීම උදෙසා ඔබ ඔබව වෙනස් කරගත යුතු වන්නේ නැහැ’ මොකද එසේ කිරීමෙන් ඔබ ජීවිතය දෙස ආපසු හැරී බැලූ විට ඔබට ඔබව මඟ හැරී ඇති බව දැනෙන්නට පුළුවනි’
• ඔබ වටා සිටින අයගේ ආකල්ප වෙනස් කිරීම ඔබට කළ නොහැකියි’
• ඔබගේ සතුට ඔබ සොයා ගන්න’
• ඔබ යම් දෙයකින් සතුටු වන්නේ නම් එය අනිත් අයට හානියක් නොවේ නම් එය පවත්වාගෙන යන්න’
• ඔබ ඔබේ අරමුණු පසුපස හඹා යන්න’
ඔබ තුළ ඇති ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගන්න’ එම දුර්වලතා මගහරවා ගැනීමට ක්‍රියා කරන්න’ ඔබේ සතුටේ යතුර ඔබ මිස වෙන අයකු නොවන බව වටහා ගන්න’
නයනා මධුමාලි
මනෝ උපදේශිකා
බියගම ඉන්ටිමෙට්ස් ආයතනය