ජෝකර්

ලස්සන රතු පාට බෝල
දෙකොපුලට ගැලපෙන
බෝල බෝල ලෝගු පොඩ්ඩට
කැපෙනවා කෙසඟ සිරුරට සරී
ජීවිතේ විනිවිදව දකිනෙමි
දිළිඳු හදවත අස්සේ හැංගී
විහිලුවට පණ දුන්නු
හදවතක හිර වෙච්ච
වේදනාවන් පිරුණු
ජෝකර් කොලුවාය
නගරයේ ඉපදිච්ච
පාට පාට බෝල එක්ක
විනෝදය මවනවා
පාට පාට හීන එක්කම
ඒව සේරම මැකෙනවා

ජීවිතය විනෝදයක් යැයි
කියා විටකදී හිතෙනවා
පාට කරපු මුහුණු අස්සේ
ජීවිතයම පෙනෙනවා
බෝල බෝල ලෝගු අස්සේ
ජෝකර්ට ඇඳගත් කොලූදිළිඳු හදවත අස්සේ සැංගී
වේදනාවන් ඇඳිලා තියෙනා
පාට කරපු රිදුම් මුහුණෙහි
රතුපාට බෝල අස්සෙන්
පාට පාට හීන එක්ක පේනවා

ඩී.ආර්.ටී. අනුරුද්ධික
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල

Facebook
Facebook